wadiyalkfeed
3.8K views | +6 today
Follow
Your new post is loading...
Your new post is loading...
Scooped by wadiyalkfeed
Scoop.it!

new post in sinhala blogreader

new post has been published in syndi.wadiyalk.com http://sitemoneylot.blogspot.com/2014/02/blog-post.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

වතුර බෝතල් වලින් උඩ යන rocket එකක් හදමු

වතුර බෝතල් වලින් උඩ යන rocket එකක් හදමු | wadiyalkfeed | Scoop.it
මේක හරිම ලේසි වැඩක්.හරියට හදා ගත්තොත් පොල් ගහක් විතර උඩ යනවා.එකට ලන්ච් ශීට් වලින් පැරෂුට් එකකුත් හදල දැම්මනම් උඩ ගිහින් හිමිට ලස්සනට වැටෙනවා.දැන් බලමුකෝ මේක හදන හැටි.අවශ්‍ය ද්‍රව්‍ය:-01. ලීටර් 1.5 විතර හිස් සෝඩා බෝතල් දෙක තුනක්02. හොදට බෝතලේ කටට හිරවෙන ඇබයක්03. හුලං පොම්පයක් (Air compresser එකක් තියනවනම් මරු)04. වතුර (නැති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ)    මුලින්ම එක බෝතලයක උඩ මුඩිය තියන පැත්තෙන් පුනිලයක් වගේ වෙනද කපලා අරන් අනිත් බෝතලේ පිටිපස්සට හයි කරලා rocket එකක පෙනුම ගන්ඩ.ඊළගට අර ඇබයේ හිලක් හදලා එකට හුලං පොම්පේ බටේ හයි කරන්ඩ.කැමතිනම් බෝතලේ තුන් පැත්තක card board වලින් හදපු කෑලි 3ක් හයි කරලා rocket එකක් වගේ කරගන්ඩ.දැන් බෝතලේ ඇතුලට බාගයක් විතර වතුර පුරවලා අර ඇබේ හයි කරන්ඩ (හුළං පොම්පේ එක්කම). ඒක තරමක් තදට තියෙන්ඩ ඕනේ.ඊළගට ඒ rocket ඒක උඩ අතට හරවල හුළං ගහන්ඩ.එතකොට ඒකේ ඇතුලේ පීඩනය වැඩි වෙලා ඇබේ ගැලවෙනවා.එතකොට වතුර හයියෙන් පිටට වෙන නිසා rocket ඒක උඩ යනවා.(ඇබේ ගැලවෙන්නේ නැතුව හුළං පොම්පේ බටේ ගැලවුනොත් වැඩේ අවුල්)මේකට air compresure එකක් පාවිච්චි කරනවානම් පරිස්සම් වෙනඩඕනේ.මොකද බෝතලේ පිපිරෙන්ඩ ඉඩ තියනවා.මේකේ video එකක් බලන්ඩ කැමතිනම් පල්ලෙහා video button එක click කරලා බලන්න යන්ඩ.නැත්නම් මේකෙන් ගිහින් වැඩිපුර විස්තර කියවන්න.මේක මගේ පලවෙනි ලිපිය. ඔයාල කැමතිනම් මගේ blog එකේ update ටික facebook ඒකෙන දැනගන්ඩ කැමතිනම් facebook එකට like එකක් දාගෙන යන්ඩ.ඔයාලගේ අදහස් තියනවනම් comment කරන්ඩ............. ජය වේවා...........!!!මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. http://bassjohn.blogspot.com/2013/12/rocket.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

අප්පට සිරි ... කන ගාව...

අප්පට සිරි ... කන ගාව... | wadiyalkfeed | Scoop.it
එනවා එනවා එනවා.. එනවා.............. එනවා.. එනවා... ආවා...... කවුද කොහෙද කින්ද මන්ද... කුමක්ද........ ????වෙන මොනාද.....  බීච් පාටිය.. කන පල්ලේ... කෝ කට්ටිය ලෙස්තිද.... කොල්ලෝ කෙල්ලෝ අලුත් බාටා හෙම අරගෙන... ඇඳුම් පැලඳුම් හෙමත් අරගෙනද...?නැත්තන් ඉතින් මේ අපි වගේ පරන ඒවාම පට්ට ගහන්න බලන් ඉන්නවද...? ________________________________________________මම දෙයියනේ කියල බ්ලොග් ලියන යාළුවො ටික මුණ ගැහුනේ , සයිබර් සිහින උළෙලේදී.. එදා පොඩ්ඩක් (හවස 2ට විතර ) පරක්කු උනා බස් වල සිදුවූ පොඩි ප්‍රමාද දෝෂයක් නිසා.. එදා පුළු පුළුවන් හැටියට කතා බහ කරා..  සමහරු නං දැකලත් අහක බලන් ගියා...හැබැයි මෙදා පාරකළුකෙට්ටුටිකක් උස කොන්ඩේ  කොටට කපාපුඇවරිය එළියේ දාගෙන ඉන්න පොඩි එකෙක් දැක්කොත් මේ අර හුදු මාතියාද කියල අහන්න අමතක කරන්නෙපා ඈ... කොම කොම වේවා එහෙමනං.. මේ එන  21 උදේ 8ට  (2013-12-21) හම්බුවෙමු.....  ඇවිත් මොනවා.. කරන්නද...?අපොච්චියේ... කරන්න දේවල්ද නැත්තේ....  මියන් පුසන් ඇල්ලීමේ සිට , ගල් අස්සේ වැල්ලේ ඉඳගෙන ඔලුව එබීම වැනි වූ මහා පරිමානයේ ක්‍රීඩා දක්වා කොච්චර දේවල් තියේද...වැල්ලේ  වාඩි වෙලා කට්ටියත් එක්ක කයියක් ගහන ගමන් .. ඔය පෙප්සියක් (ඔවු පෙප්සි ) තොල ගාන ගමන් . කට්ටිය එක්ක කයියක් දාගෙන ඉන්නවා කියන්නේ කොච්චර දෙයක්ද...  පෙප්සි වලට පොඩි පොඩි   කරකැවිල්ලක් හැදුනොත් .. මහා සාගරේ වගේ තියෙන :-) කරිජ්ජ වතුරට  පනින්න බැරියෑ ..නොවැරදීම එන්න කලින්  ෆෝම් එක පුරලා හිටියනං දවල් කෑම වෙලාවට  කෑම එක ලැබෙද්දී ප්‍රශ්නයක් වෙන එකක් නෑ මෙතනින් ගිහින් එකත් පුරවල ඉන්නකෝ  ..බීච් පාටියට එන ...  ගොඩක් අය වෙනුවෙන් මම උදවුවක් කරන්නත් ලේස්ති උනා බුකියේ ඉවෙන්ට් එකේ   වෙන මොනවද ඉතින් ... බීච් පාටියකට එන අපේ බ්ලොග් සහෘදයෝ  හෙම ඔය  එක්කන් එන පොඩි පොඩි දුවලා... ඒ කට්ටිය ඉතින් එහෙට මෙහෙට දුවනවනෙ... පොඩිම අය මට කොමත් ඇලජික් ..ඒක නිසා මම තීරණය කළාඅවුරුදු 15 ත් - 19 ත් අතර.. ඔබගේ දියණිය , සහෝදරිය , අල්ලපු ගෙදර නංගි  එකී නොකී අය බලාගන්න... මම වගේ විනීත සංවරසරලසුගමතැන්පත්පිවිතුරුපවිත්‍රඅති උතුම්කොල්ලෙකුට බාර දුන්නම හිතටත් සැනසීමක් නේ .. :3 ..  හප්පේ කතාවෙන් කතාව තව පොඩ්ඩ පොඩ්ඩ  ලං වෙනවා.... වැඩි විස්තර මෙතනින් ගිහින් බලන්න එහෙමනං 21 වෙනිදා හම්බු වෙනකන් ....  ඔබ අප සැමට බුදුසරණයි... ජය වේවා ... ප.ලි :- සැන්දෑ සාදයටත් ඉන්න  බලන් එන්න ඈ.... (මටනං සුවර් නෑ එකනං) http://www.sudusm.com/2013/12/2013-12-21-beach-party.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

කෝපි - 07

සමහරුන් කෙසේ කීවද කෙසේ සිතුවද තවත් එක්   උඩරට මැණිකේ කෙනෙක් වන්නට නොවුනද මම මගේ ඇයි හොදයිකම් වලව්වේ බිත්ති හතරට සිමා කලෙමි.කවරෙකු හෝ මම සිතක් නැති හැගීම් නැති , අසීමිත ආදරයක් පෙන්වා දෙන . ධනය සේම බලයද ඇති තරුණයෙකු ඉදිරියේ පුහු මාන්නයක් පෙන්වන නපුරු වංශවත් තරුණියක ලෙස හදුන්වා දෙනවත් ඇත.නැතිනම් අත ලගට ආ වාසනාව ට අහක බලන්නියක යැයි ද කියනු ද ඇත.නමුත් කවුරු කවර අනාවැකි කීවද මගේ හිතින් මම ඔහුට කෙතරම් ආදරය කලාද යන්න දන්නේ ද මම ම පමණි. ඔහු සමග මම මගේ සිහින වල කෙතරම් කල් ගෙව්වද යන්න ද දන්නේ මා පමණි.ඉතින් අනිත් අයගේ සිත් තලෙනා කතා වලින් මා සැලෙන්නේ කවර හේතුවකට දැයි මටම නොත්රේ." නංගි.. "කල්පනා ලෝකය බිද දැමුයේ සිතුල අයියා ය." අයියේ.. "" මට නංගි එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද.. ??? "" ඔව් කියන්න අයියේ.. "ඉක්බිතිව සිතුල අයියා දිගු කතාවකට මුල පුරන්නදෝ ඇවිත් මා පසෙකින් අසුන් ගත්තේය." නංගි මම අහන දේකට බොරුවක් කියන්නේ නෑ කියලා මං දන්නවා..එත් මේ වෙලේ මට ඇත්තම කියන්න.. නංගි තරිඳු ගැන මොනාද හිතන්නේ ?? මම අහන්නේ ඉස්සර ගැන නෙවේ දැන් ගැන.. "මා කුමක් කියන්නද.. මෙලොව මා පිළිතුරු දෙන්නට අසීරුතම ප්‍රශ්නය සිතුල අයියා මගෙන් විමසයි. ඉතින් මම නිහඩ වුනෙමි." නංගි.. "" ම්ම්.. "" ඇයි උත්තර නොදෙන්නේ.. "" මොනාට ද ?? "" ඇයි දරුවෝ , මම ඔයාගෙන් අහන්නේ ඔයා තරිඳුට තාමත් , අදටත් ආදරේද කියලා.. "" ඔව් අයියේ.. "" නංගි..  " සිතුල අයියාගේ හඩ පුදුමයෙනි. සත්තකින්ම ඔහු පුදුම විය යුතුමය. මෙතෙක් කල් සතුරෙකුටත් වඩා මම වෛර කරපු ඔහුට මමම ආදරෙයි කීම පුදුමයක් බව සැබෑය." ඔව් අයියේ.. මම ආදරෙයි.. අර පේන අහස තරම්ම කෙළවරක් හොයා ගන්න බැරි මේ පොලව තරම් ම හැබැයි ඒ ඔයා කියන තරිදු ට නෙවේ.. "" එහෙනම්.. "" කෘෂ්ණට අයියේ.. කෘෂ්ණ කියන අහිංසක මට ගොඩක් ආදරේ කරපු.. ආදරේ ගැන මට කියලා දුන්නු හිස් කොලයක් අතින් අරන් කැටයම් අහසට ආපු ඒ චිත්‍ර අදින කෘෂ්ණට අයියේ.. නැතිව නපුරු කමින් ආදරේ අයිති කර ගන්න යන තමන් ගැන විතරක් හිතන සල්ලිකාර මැරයෙක් වුන තරිඳුට නෙවේ අයියේ.. " " එත් නංගි.. ඔයා මේ මොනා ගැනද කියන්නේ.. ඔයයි මමයි හොදටම දන්නවා තරිඳු යි කෘෂ්ණ යි කියන්නේ දෙන්නෙක් නෙවේ එක්කෙනෙක් කියලා... ඉතින් ඇයි මේ ??" නැහැ අයියේ කෘෂ්ණ මැරිලා ගොඩක් කල් අයියේ.. හ්ම්ම්.. මම ආදරේ කරපු කෘෂ්ණ මැරිලා ගොඩාක් කල්.. වලව්වෙන් මහ පොලවට බැහැලා මේ වැලි පොලවේ මගේ දෙපයින් අඩි තියන්න මට කියා දුන්නු මගේ කෘෂ්ණ මැරිලා ගොඩාක් කල් අයියේ.. "" ඔයා..  ඔයා කියන්නේ මොනාද කියලා මට තේරුම් ගන්න ලේසි නෑ නංගියේ.. :" මම දන්නවා අයියේ.. එත් ඒ කොහොම වුනත් මං තරිදු ව බදින්නේ නෑ අයියේ.. මම තරිඳුට වෛර කරනවා එච්චරයි.. "" එත් ඒ ඇයි.. ? ඔයා ඔච්චරම තරිඳුට අකමැති නම් ඇයි නංගියේ උබ අර තරිඳු ගේ චිත්‍ර තවත් ආසාවෙන් බිත්ති වල ගහන් ඉන්නේ.. "" ඒ චිත්‍ර ඇන්දේ තරිඳු නෙවේ අයියේ ඒවා ඇන්දේ කෘෂ්ණ.. කෘෂ්ණ ට වගේම කෘෂ්ණ ගේ හැම දේකටම මං ආදරෙයි අයියේ.. කෘෂ්ණ ගේ ආයේ එන්නේ නැති මතකයට පවා.. එත් අයියේ තරිඳුයි මම දන්න කෘෂ්ණයි එකම එක්කෙනක් වෙන්න ඇති.. එත් මං ආදරේ කරේත් කරන්නෙත් අතීතයට විතරයි.. වර්තමානයටවත් අනාගතයටවත් නෙවේ.. " " උබ මහා පණ්ඩිතයි නංගි දැන්.. "" නැහැ අයියේ.. මේකට කියන්නේ පණ්ඩිත කම නෙවේ.. වෙන එකක්.. "" අනේ මන්දා.. උබයි උබේ හිතයි ඒ දෙකම ගැනම දන්නේ මම නෙවේ නංගියේ උබ..  හැබැයි එකක්.. උබ මේ බිත්ති හතර ඇතුලේ ඉදන් දන්න දේවල් වලට වඩා ගොඩාක් දේවල් නුවර මිනිස්සු දන්නවා.. ඒවා උබට වැඩක් නෑ.. මම උබට කියන්නේ මෙච්චරයි.. උබ තරිඳු ට ආදරේ නැත්තම් ඒ ගැන තරිඳුට උත්තර බදින්නවත් තරිදුව මුණ ගැහෙන්නවත්  ඕනේ නෑ.. උබ මේ වලව්වට වෙලා හිටපන්.. මන් අනිත් ටික බලා ගන්නම්.. "සිතුල අයියා කිවේ තීරණාත්මක වය.." අමා.. අමා.. ඉන්න තැනෙකින් වරෙන් යකෝ එලියට.. "" අනේ සිතුල.. "" අයියේ, තරිඳු.. !!!! " එකවර නැගුනු පිරිමියෙකු ගේ කෑ ගැහිල්ලත්, සිතුල අයියගේ බිරිද වුනු දිනාරා අක්කා කෑ ගහගෙන කාමරේට ආවෙත් මම හුන් තැනින් නැගී සිටියේත් එක විටය.. http://monaru11.blogspot.com/2013/12/07.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

මනුසතාගේ පෙළහර

මනුසතාගේ පෙළහර | wadiyalkfeed | Scoop.it
ආයුබෝවන් දරුවනේනමස්කාරය විය අදුරුතුමගේලාබයි ගණිතය ලාබයි සිංහලඑන්න එන්න ගන්න පහසු මිලටවිද්‍යුතය පරිණාමය ප්‍රජනනයවීජ ගණිතය ජ්‍යාමිතිය පරිමිතියඅයනු ආයනු පණකුරු ගතකුරු සිලි සිලි උර තුල එල්ලුනුහීන් සැරය මඩොල් දුවනගරයේ සිවු කොනක් හමුවුණු මුල්ලක කඩ කාමරයකනිතිපතා සතිපතා දිනපතාසිදුවන සිල්ලර වෙළදාමතැනක පෙම් කෙලියකිතැනක ගුටි කෙලියකිඇදුරා අත වේවැල් කසායකිනැත නැත එය තෙල් කුප්පියකිකොලුවා නම් විය ටික්කාබෙදති වෛර්ණ පත්‍රිකාපැමිණෙන සැමට නොමිලේනිබන්දනයක් සමග පරස්තාවක්රුපියලකට නොව මොණර කොලයකටලැබෙති මේ සේරම තොග මිලටආවාට ස්තුතියි නැවත එන්නනිමා විය ඇදුරුගේ හරබර දේශනය- අරුණි කළුපහන -( 11 වසරේ දී පාසලේ පුවත්පතට ලිවුවකි.. ) http://monaru11.blogspot.com/2014/01/01.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

කුරුදු තලා දිවි ගෙවන්නෝ

කුරුදු තලා දිවි ගෙවන්නෝ | wadiyalkfeed | Scoop.it
ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත නිෂ්පාදන කර්මාන්තයක් ද පවතී. මෙහි වෙසෙන නොකම්මැළි ගැමියෝ හරි හරියට කුරුඳු තළති. කුරුඳු වතු හිමියෝ සේවකයන් ලවා කුරුඳු තළවති.  ඇතැම් ගැමියෝ වසරකට හෝ වසර ගණනාවකට කුරුඳු වතු බදු ගෙන එකී  නිෂ්පාදනයෙහි නිරත වෙති. කුරුඳු පැළ සිටුවා වසර දෙකක්, තුනක් අතර කාලය වන විට කුරුඳු ගසේ අතු කපාගත හැකියි. ඉන්පසු ඒවා නිෂ්පාදන ස්ථානයට රැගෙන එයි. කුරුඳු තැළීම අරඹන්නේ එතැන් සිටය. එහිදී මුලින්ම කුරුඳු කොළ ඉවත් කර කෝටුව පමණක් ලබා ගනී. එහි පිට පොත්ත ඉවත් කරනු ලබන්නේ ගානකොකැත්තෙනි. ඉවත ලූ පිට පොතු තෙල් හිඳීමට යොදාගත හැකියි. එසේම එය වගාවන් සඳහා හොඳ පොහොරක් ද වෙයි. අනතුරුව පිත්තල ලීයක ආධාරයෙන් ලීය හොඳින් මැද ගනී. එහිදී ඇඟිලි කොපුවක් ඇඟිල්ලක රඳවා ගන්නේ තුවාලයක් හෝ සීරීමක් සිදු නොවන්නටය.ලීය මැදීමත් සමඟින් එය මෘදු බවට පත්වේ. අනතුරුව පිහියක ආධාරයෙන් ලීය පළනු ලබයි. එහිදී ලීයේ ගැටි ආශි‍්‍රත ප්‍රදේශයන් දෙකක් ගෙන සීමා ලකුණු කර කැපුම සිදු කරයි. එය වඩාත් නිර්මාණශීලීව, ක්ෂණිකව කළ හැක්කේ හුරුපුරුදු අයෙකුට පමණකි. ලීයේ අරටුව දක්වාම ප්‍රදේශයෙන් මේ ආකාරයට පැළුම් කර පිට පොතු ලබා ගනියි.අනතුරුව පිට පොතු සියල්ලම මඳ පවනේ සතියක් පමණ වියළා ගත යුතු වේ. ඒ කාලය තුළ දී වරින් වර වතුර ඉසීම ද සිදු කරයි. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එකිනෙක හන්දි කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවය.එහිදී හන්දි කිරීම සිදුකරනු ලබන්නේ කිසියම් මිම්මකට අනුවය. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එක්කර කුරුඳු කෝටුව සකසා ගැනීමේදී අදාළ උස ප්‍රමාණය මැන ගනී. ඒ පෙති කෝට්ටෙහි ආධාරයෙනි. මෙය ක්‍රමවත්ව, කඩිනමින් සිදු කර ගැනීමට නම් දෑතේ හුරුව අත්‍යවශ්‍යමය. එසේ සකසාගත් කුරුඳු කෝටුව කුරුඳු වැලේ දමා වියළනු ලබයි.දවසක් පමණ ගත වන විට කුරුඳු කෝටුවෙහි බඩ ඇඹරීම සිදු කරනු ලබයි. බඩ ඇඹරීම යනු තවදුරටත් කුරුඳු කෝටුව පිරවීම ශක්තිමත් කිරීමකි. අනතුරුව යළිත් සකසාගත් කුරුඳු කෝටු, කුරුඳු වැලේ තැන්පත් කරයි. කුරුඳු කෝටු මිටි බැඳීම සිදුකරනු ලබන්නේ ඉන්පසුවය. හොඳින් මඳ පවනේ වියළාගත් කුරුඳු කෝටු එකිනෙක සම්බන්ධ කරමින් නොකැඩෙන සේ මිටි බඳිනු ලැබේ. කුරුඳු නිෂ්පාදන මිලදී ගන්නා වෙළෙඳපොළට එය යැවෙනුයේ ඉන් පසුවය. කුරුඳු තළන්නෝ කය වෙහෙසා වැඩ කරති. ඉන් තම අත මිට සරිකර ගනිති. ඔවුන්ගේ දවස ගෙවෙන්නේ ද කුරුඳු මිටි අතෙර්ය. කෙතරම් කාර්යබහුල වුවද ඉන් මිදෙන්නට ද ඔවුහු අකැමතිය. ඒ එය ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවම වන හෙයිනි.හික්කඩුවට කප්රුක කුරුඳුදකුණට පොල් ගස ද, උතුරට තල් ගස ද කප් රුකකි. එය එසේ යැයි ජනවහරෙහි සම්මත වුවද, හික්කඩුවට නම් කුරුඳු තවත් එක් කප් රුකකි. මෙහි අක්කර ගණන් පුරා දිස්වන්නේ එක යායට ඇති කුරුඳු වතුය. ඔවුහු ඉඩ කඩ ලද සෑම තැනකම පාහේ කුරුඳු වගා කරති. ඒ ඇසුරේ හිඳ ඔවුන් ගෙවනා දිවිය සුව පහසු අද්දැකීමක් නොවේ.ඔවුහු කුරුඳුවලට මහත් සේ භක්ත්‍යාදරයක් දක්වති. ආරක්ෂා කරති. එහෙයින්ම එය ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික භෝගය ද වේ. මෙහි කුරුඳු ආශි‍්‍රත           නිෂ්පාදන කර්මාන්තයක් ද පවතී. මෙහි වෙසෙන නොකම්මැළි ගැමියෝ හරි හරියට කුරුඳු තළති. කුරුඳු වතු හිමියෝ සේවකයන් ලවා කුරුඳු තළවති. ඇතැම් ගැමියෝ වසරකට හෝ වසර ගණනාවකට කුරුඳු වතු බදු ගෙන එකී  නිෂ්පාදනයෙහි නිරත වෙති. කුරුඳු පැළ සිටුවා වසර දෙකක්, තුනක් අතර කාලය වන විට කුරුඳු ගසේ අතු කපාගත හැකියි. ඉන්පසු ඒවා නිෂ්පාදන ස්ථානයට රැගෙන එයි. කුරුඳු තැළීම අරඹන්නේ එතැන් සිටය. එහිදී මුලින්ම කුරුඳු කොළ ඉවත් කර කෝටුව පමණක් ලබා ගනී. එහි පිට පොත්ත ඉවත් කරනු ලබන්නේ ගානකොකැත්තෙනි. ඉවත ලූ පිට පොතු තෙල් හිඳීමට යොදාගත හැකියි. එසේම එය වගාවන් සඳහා හොඳ පොහොරක් ද වෙයි. අනතුරුව පිත්තල ලීයක ආධාරයෙන් ලීය හොඳින් මැද ගනී. එහිදී ඇඟිලි කොපුවක් ඇඟිල්ලක රඳවා ගන්නේ තුවාලයක් හෝ සීරීමක් සිදු නොවන්නටය.ලීය මැදීමත් සමඟින් එය මෘදු බවට පත්වේ. අනතුරුව පිහියක ආධාරයෙන් ලීය පළනු ලබයි. එහිදී ලීයේ ගැටි ආශි‍්‍රත ප්‍රදේශයන් දෙකක් ගෙන සීමා ලකුණු කර කැපුම සිදු කරයි. එය වඩාත් නිර්මාණශීලීව, ක්ෂණිකව කළ හැක්කේ හුරුපුරුදු අයෙකුට පමණකි. ලීයේ අරටුව දක්වාම ප්‍රදේශයෙන් මේ ආකාරයට පැළුම් කර පිට පොතු ලබා ගනියි.අනතුරුව පිට පොතු සියල්ලම මඳ පවනේ සතියක් පමණ වියළා ගත යුතු වේ. ඒ කාලය තුළ දී වරින් වර වතුර ඉසීම ද සිදු කරයි. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එකිනෙක හන්දි කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවය.එහිදී හන්දි කිරීම සිදුකරනු ලබන්නේ කිසියම් මිම්මකට අනුවය. පිට පොත්තත්, කුඩා පිට පොතුත් එක්කර කුරුඳු කෝටුව සකසා ගැනීමේදී අදාළ උස ප්‍රමාණය මැන ගනී. ඒ පෙති කෝට්ටෙහි ආධාරයෙනි. මෙය ක්‍රමවත්ව, කඩිනමින් සිදු කර ගැනීමට නම් දෑතේ හුරුව අත්‍යවශ්‍යමය. එසේ සකසාගත් කුරුඳු කෝටුව කුරුඳු වැලේ දමා වියළනු ලබයි.දවසක් පමණ ගත වන විට කුරුඳු කෝටුවෙහි බඩ ඇඹරීම සිදු කරනු ලබයි. බඩ ඇඹරීම යනු තවදුරටත් කුරුඳු කෝටුව පිරවීම ශක්තිමත් කිරීමකි. අනතුරුව යළිත් සකසාගත් කුරුඳු කෝටු, කුරුඳු වැලේ තැන්පත් කරයි. කුරුඳු කෝටු මිටි බැඳීම සිදුකරනු ලබන්නේ ඉන්පසුවය. හොඳින් මඳ පවනේ වියළාගත් කුරුඳු කෝටු එකිනෙක සම්බන්ධ කරමින් නොකැඩෙන සේ මිටි බඳිනු ලැබේ. කුරුඳු නිෂ්පාදන මිලදී ගන්නා වෙළෙඳපොළට එය යැවෙනුයේ ඉන් පසුවය. කුරුඳු තළන්නෝ කය වෙහෙසා වැඩ කරති. ඉන් තම අත මිට සරිකර ගනිති. ඔවුන්ගේ දවස ගෙවෙන්නේ ද කුරුඳු මිටි අතෙර්ය. කෙතරම් කාර්යබහුල වුවද ඉන් මිදෙන්නට ද ඔවුහු අකැමතිය. ඒ එය ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාවම වන හෙයිනි.නදීෂාණී පි‍්‍රයංගිකාඡායාරූප - නිශ්ශංක විජේරත්නමිහිතුරු සඟරාවට ලියල ලද ලිපියකි http://samakayawate.blogspot.com/2014/01/blog-post_18.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

දරුවෝ ......

දරුවෝ ...... | wadiyalkfeed | Scoop.it
(චායාරූපය ගුගල් දෙයියන්ගෙන් ඉල්ලාගත් එකක් පමණක් බව සලකන්න ) "මගේ ලොකු පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ එයා එහේ ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක්. ඒ හොස්පිට්ල් එකේම ඉන්න ඩොක්ට කෙනෙක්ව මැරී කරලා දැන් එහේ තමයි පදිංචිය. බාල පුතා ඉංජිනියර් කෙනෙක් නේ. එයා ...... කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්." සෝමපාලගේ එකම විනෝදාංශය උනේ වැඩිහිටි නිවාසේ  තමන්ගේ කාමරේ ඉස්සරහ බැංකුවක වාඩිවෙලා තමන්ගේ දරුවන්ගේ විස්තර අනිත් අය එක්ක කියා කියා සතුටු වෙන එක. ආණ්ඩුවේ කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට රස්සාව කරපු සෝමපාලගේ ලොකුම හීනය වෙලා තිබුනේ තමන්ගේ ළමයි තුන් දෙනාව උස් මහත් කරලා හොදට උගන්නලා ලොකු තැනකට ගේන එක.  ලොකු පුතයි බාල පුතයි දෙන්නම සෝමපාලගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කලාට මද්දුම කොලුවා කෙල්ලෙකුත් අරගෙන පැනලා ගියේ ඉස්කෝලෙන් අයින් වෙච්ච හැටියෙමයි. ඒ දවස් වල සෝමපාල හිත හදා ගත්තේ තමන්ගේ කුලයට කොහෙත්ම නොගැලපෙන කෙල්ලෙක් එක්ක තමන්ගේ හින බලාපොරොත්තු හැම එකක්ම විනාස කරලා ගියපු මද්දුම කොලුවට හත් දවසේ දානෙත් දීලා. ඊට පස්සේ සෝමපාලගේ ලෝකේ හිටියේ දරුවෝ දෙන්නෙක් විතරයි. දරුවෝ දෙන්නම රස්සාවට ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ සෝමපාලයි දරුවන්ගේ අම්ම පියසීලියි විතරයි. කාලෙක ඉදං ලෙඩ ගානේ හිටපු පියසිලිත් දරුවන්ගේ ඈත් වීමත් එක්කම වැඩිකල් ජිවත් උනේ නැහැ. අම්මගේ මළගමවත් මද්දු පුතාට දන්වලා යවන්නවත් සෝමපාල වැඩිය උවමනාවක් කලේ නැහැ. අයියයි මල්ලියි දෙන්නම පැත්තකට වෙලා ඉද්දි මරණේ වැඩ කටයුතු ඔක්කොම කලේ කොහොම හරි ආරංචිය දැනගෙන ගෙදර ආව මද්දු පුතා රමේෂ්. ඒ දවස් ටිකටත් සෝමපාල රමේෂ් එක්ක වචන දහයක් කතා කලේ නැහැ. කාලය ගත උනේ විදුලි වේගයෙන්. පොඩි පුතා සෝමපාලව කොළඹ තමන්ගේ ගෙදර එක්ක ගෙන ගියේ තාත්තට තනියෙන් ගමේ ගෙදර ඉන්න බැහැ කියලා. පලවෙනි සති දෙකේ සොමපාලට ලැබුණු සැලකිල්ලෙ හැටියට තමන් ලෝකේ ඉන්න වාසනාවන්තම තාත්ත කියලයි සොමපාලට හිතුනේ. "තාත්තේ දැන් මහ ගෙදර කවුරුවත්ම නැති එකේ ඕක නිකං පාලුවට ඇරලා වැඩක් නැහැ නේ." "ඒක නම් එහෙම තමයි ඉතිං. මම හිතාගෙන ඉන්නේ ඒක ඔය දෙන්නට බෙදලා දෙන්න" "තාත්තට හැමදාම අපේ ගෙදර ඉන්න පුළුවන් නේ. අයියත් ලංකාවේ ඉන්න අදහසක් නැති නිසා ඔය මහ ගෙදරයි ඉඩමයි මගේ නමට ලියල දාන්න. මගේ අදහසක් තියෙනවා ඔතන හොද හෝටලයක් පටන් ගන්න." "ඒක අපේ පරම්පරාවෙන් හම්බ වෙච්ච මහ ගෙදර.  උඹල දෙන්නට තමයි කවදාහරි ඒක අයිති වෙන්නේ" කොහොමින් හරි සතියක් ඇතුලත මහ ගෙදර ඉඩම පොඩි පුතාගේ නමට ලියලා දෙන්න සොමපාල කැමති උනේ හැමදාමත් පොඩි පුතා තමන්ට ආදරෙන් සලකයි කියන විශ්වාසයෙන්. මල්ලිගේ නමට ඉඩම ලියපු බව දැනගත්ත ගමන්ම තාත්ත හොයාගෙන ආව ලොකු පුතා මුණට හිනා වෙලා හිටියත් කතා කලෙ හිත හොදකින් නෙවෙයි කියලා සෝමපාලට තේරුණා.  ඉඩම ලියාගත්ත දවසේ ඉදං පොඩි පුතා රස්සාවට අමතරව හැමතිස්සෙම හිටියේ අලුත් ගෙස්ට් හවුස් එකේ වැඩ වල. ලේලියි දරුවොයි ජිවත් උනේ එයාලගෙම ලෝකෙක නිසා තිබ්බ සැලකිලි ටික ටික අඩු වෙලා යන්න ගත්තේ වේගයෙන්. ලොකු පුතා ලංකාව අත ඇරලම යන්න ගියේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදින්චියටමයි.  සොමපාලට සිද්ද උනේ බාල පුතාගේ ගෙදර හිර උන හිරකාරයෙක් ගේ තත්වයට පත් වෙන්න. "ගෙදර කවුරුවත් නැතුව තාත්තට පාලුයි නේද" "ඒවා නම් එහෙම තමයි. මොනවා කරන්නද පුතේ " "ගෙස්ට් හවුස් එකේ වැඩ හින්දා මමත් මේ දවස් වල ගෙදර නැහැ නේ. මම තාත්තට හොද තැනක් බලලා තියෙන්නේ. තාත්තට පුළුවන් එහේ ගිහිල්ල නවතින්න. එහේ හරිම හොදයි. ගොඩක් අය ඉන්න නිසා තාත්තට පාලුවකුත් දැනෙන එකක් නැහැ. අනික අපටත් පුළුවන් නේ ඇවිත් තාත්තව බලල යන්න "  ඊලග දවසේ ඉදන්ම සෝමපාලට වැඩිහිටි නිවාසයේ කාමරයක නවතින්න සිද්ද උනා. කාලය ගත වෙලා ගියා එදා කාර් එකේ ඇවිත් සෝමපාලව වැඩිහිටි නිවාසෙට භාර දීල ගිය පොඩි පුතා ආයේ දකින්නවත් හම්බ උනේ නැහැ. ආණ්ඩුවෙන් හම්බ වෙන පැන්ෂන් එක වැඩිහිටි නිවාසෙට දීලා. එතනින් ලැබෙන දෙයක් කාලා තමන්ගේ වයසේම අනිත් උදවියත් එක්ක ගෙවන ඒකාකාරී ජිවිතේට සෝමපාලටත් ටික ටික හුරු වෙන්න සිද්ද උනා. ........................................................................................................................  වැඩිහිටි නිවසෙට දානේ අරගෙන ආව පිරිස අතරේ සුපුරුදු මුණක් සෝමපාලගේ නෙත ගැටුනේ අහම්බෙන්.  "තාත්තේ" තමන්ගේ තාත්තව මෙතැනදී දකින්න කවදාවත් රමේෂ් බලාපොරොත්තු උනේ නැහැ. "මගේ පුතේ" "ඇයි තාත්තේ මෙතන මෙහෙම දුක් විදින්නේ. මම තාත්තව හොයන්න ගෙදරත් ගියා. මල්ලි ගෙදර විකුනලා දාලා රට ගිහිං කියලා ආරංචි උනා. මම හිතුවේ තාත්තවත් එක්කගෙන යන්න ඇති කියලා." පොඩි පුතා තමන්ව මුලා කරලා ගියපු හැටි ගැන මතක් වෙනකොට සෝමපාලගේ ඇස් දෙකෙන් කදුළු බිංදු කඩාගෙන වැටුනා   තාත්තව හැමදාමත් බලාගන්න මට පුළුවන්. අයියටයි මල්ලිටයි තරම් සල්ලි දැන උගත්කම නැති උනාට තාත්තව මට ගොඩාක් වටිනවා. තාත්තා අපිත් එක්ක යන්න ලැස්ති වෙන්න."   කාලෙකට කලින් තමන් අත ඇරලා දාපු තමන්ගේ දරුවා ආයෙත්  තමන්ව හොයාගෙන ඇවිත් ආයෙත් එයා ලගට එන්න කියලා කතා කරනවා "පුතා මගේ රත්තරං පුතා. උඹට මම මෙච්චර කාලයක් කරපු හැම දේකටම මට සමා වෙයන් මගේ පුතා"   සෝමපාලගේ හිතේ ඇති උන වේදනාව ඇස් දෙකෙන් කදුළු කැට වෙලා කඩාගෙන වැටුනේ කිසිම දෙකක් කියාගන්න බැරුව...........    http://ape-ambalama.blogspot.com/2013/05/blog-post_14.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

අපිට එන Email ,MMS විදිහට phone එකට

අපිට එන Email ,MMS විදිහට phone එකට | wadiyalkfeed | Scoop.it
මේක කරන්න පුළුවන් ඔයාගේ සිම් එක  Dialog හරි Mobitel නම් විතරයිමෙහෙම කරන්නGmaill account >>>>settings >>> Forwarding and POP/IMAP >>> Add a forwarding address >>> Dialog නම්077xxxxxxx@mms.dialog.lkMobitel නම්071xxxxxxx@mms.mobitel.lkphone එකට එන කෝඩ් එක දාලා වෙරිෆයි කරන්න,                  දැන් හරි   http://nextlanka.blogspot.com/2014/01/email-sms-phone.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

කීබෝඩ් එකේ කීස් වැඩ කරන් නැතුව ගියාම ටයිප් කරගන්න හැටි

කීබෝඩ් එකේ කීස් වැඩ කරන් නැතුව ගියාම ටයිප් කරගන්න හැටි | wadiyalkfeed | Scoop.it
        අදමන් කියන්න යන්නෙ කීබෝඩ් එකේ කී එකක් හෝ කිහිපයක් වැඩ කරන් නැති උනාම ඒ කීස් වලට අදාල අකුරු ටයිප් කරගන්නෙ කොහොමද කියල..මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ පාස්වර්ඩ් එක ගහන වෙලාවට, මොකද පාස්වර්ඩ් එක ගහගන්න බැරිනම් කම්පියුටර් එකට ලොග් වෙන්නවත් බෑනෙ..මේ ලගදි රජාට මේ සීන් එක උනා, එතකොටයි මට මතක් උනේ මෙහෙම පෝස්ට් එක දැම්මනම් වටිනව කියල..මෙන්න මොහෙමයි ඉතින් වැඩ කරන් නැති කීස් වලින් වැඩ කරන්නෙ..පහල ලයිස්තුවෙ තියනව එක එක අකුරු වලට අදාල Alt Code එක, අන්න ඒක Alt කී එක press කරන් ටයිප් කරන්න තියෙන්නෙ..උදා:- A අකුර ටයිප් කරන්න ඕනනම් "Alt" කී එක press කරන් 65 ටයිප් කරන්න..A       65B       66C       67D       68E       69F       70G       71H       72I         73J         74K       75L  76M  77N  78O  79P  80Q  81R  82S  83T  84U  85V 86W      87X       88Y       89Z 90a        97b        98c        99d      100e      101f       102g      103h      104i       105j       106k      107l       108m     109n      110o      111p      112q      113r       114s      115t       116u      117v      118w     119x      120y      121z      122          මේ ලිස්ට් එක මතක තියාගන්න එකනම් කරන්න අමාරු වැඩක්, එත් 65 ඉදල 90 වෙනකන් A-Z හා 97 ඉදල 122 වෙනකන් a-z කියල මතක තියාගත්තම කොහොමහරි ගලපගන්න පුලුවන්නෙ..ඒත් මේ විදිහට කරන්න පුලුවන් කීබෝඩ් එකේ නම්බර් කීස් වැඩකරනවනම් විතරයි..ඒව වැඩ කරන් නැත්තන් මේ විදිහට කරන්න බෑ...        මෙහෙම Alt press කර කර කට්ට කනවටත් වඩා ලේසි ක්‍රමයක් තියනව ඒ තමා ඔන් ස්ක්‍රීන් කීබෝඩ් එක..ඒක ඔන් කරගන්නෙ Start > All Programs > Accessories > Ease of Access > On Screen Key Board සිලෙක්ට් කරල..ඒ කිව්වෙ වින්ඩෝස් සෙවන් වල විදිහ, XP වල Ease of Access කියන ෆෝල්ඩර් එක තියෙන්නෙ Accesbility කියල මට මතක විදිහට...‍ලොග් ඔන් ස්ක්‍රීන් එකේදි ඔන් සීක්‍රීන් කී බෝඩ් එක ඔන් කරගන්නෙ මෙහෙමයි..ඊලග පොස්ට් එකෙන් නැවත හමුවෙමු... http://feedproxy.google.com/~r/blogspot/DXYWV/~3/W68iYSva4lA/keyboard.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ? - Kitez (2010) - Zindagi

ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ? - Kitez (2010)  - Zindagi | wadiyalkfeed | Scoop.it
Zindagi do pal kiZindagi do pal kiIntezaar kab tak hum karenge bhalaaTumhe pyaar kab tak na karenge bhalaaජීවිතය යනු අවස්ථා කිහිපයකීකොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?Zindagi do pal kiDil mein tumhare chhupa di haiMaine to apni ye jaanAb tum hi isko sambhaaloHumein apna hosh kahanසැඟවූයෙමි ඔබේ හඳ තුල මා හදවතෙහී ප්‍රාණයරැකගන්න එය දැන්මා ඉන් මිඳුනෙමීBekhudi do pal kiZindagi do pal kiIntezaar kab tak hum karenge bhalaaTumhe pyaar kab tak na karenge bhalaaජීවිතයේ කල අනුවණකම්  අවස්ථා කිහිපයකීකොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?Ik chhota sa vaadaIss umar se zyada sachcha hai sanamHar mod par saathIss liye rehte hain ab dononමේ ජීවිතයේ කුඩා පොරොන්දුවක් වඩා වීශ්වාසයිඑබැවින් අපි එක්ව හිඳිමු හැම පෙරැලුමකදීමDosti do pal kiZindagi do pal kiIntezaar kab tak hum karenge bhalaaTumhe pyaar kab tak na karenge bhalaaජීවිතයේ අවස්ථාවක මිත්‍රත්වය මොහොතකටකොපමණ කාලයක් බලා සිටින්නෙම් දෝ?ඔබෙන් ආදරය ලබන්නට කොපමණ නම් කාලයක් බලාසිටින්නෙම් දෝ?Zindagi do pal kiZindagiDownload song | Film versionDownload song | Remixචිත්‍රපටය - කයිට්ස් (2010)ගීතය - සින්දගීගායනය - K Kපද රචනය - නසීර් ෆාරාස්සංගීතය - රාජේෂ් රෝෂන්අධ්‍යක්ෂණය - අනුරාග් බාසුනිශ්පාදනය - රාකේෂ් රෝෂන්රංගනය -  රිතික් රෝෂන් හා http://hindisng.blogspot.com/2012/12/kitez-2010-zindagi.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

සයිබරයේ බ්ලොග් පිටු පත් ඉරු අතරට හෙට සිට...

සයිබරයේ බ්ලොග් පිටු පත් ඉරු අතරට හෙට සිට... | wadiyalkfeed | Scoop.it
සයිබර් අවකාශයෙන් අපට ලැබුණු මහගු දායදයක් වුණු බ්ලොග් කලාවේ යෙදෙන අපේ ම හිතවතුන්ට පුංචි උත්තේජයක් වෙන්න ඕන කියන අදහසින් ඔන්න හෙට සිට ඔයාලගේ බ්ලොග් සටහන් ඒ විදියටම පත්තර පිටුවකට ඇතුළත් කළා. හෙට සිට දිනමිණ පත්තරේ තුළ එක් පිටුවක් බ්ලොග් කරුවන් වෙනුවෙන් වෙන් කෙරෙනවා. හැබැයි සතියකට එක දිනයි.ඉතින් හා හපුරා කියලා මගේ හිතට වැදුණු සහ ඉඩ කඩ ඇති හැටියට ලිපි කීපයක් ම තෝරගත්තා. ඒ මොනවද කියලා බලන්නකෝ කස්ටිය. ඒ වගේම මේ පිටුවට යා යුතු දේවල් තියනවනං ඒ ගැන මට මේලක් එහෙම දැම්මට අමනාපයක් නෑ. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් මේ පිටුව සාර්ථක කරගන්න ලොකු උදව්වක් වේවි.මට මග හැරෙන හොද දේවල් පෙන්නලා දෙන්න. මොකද මේ වැඩේ කරන්නේ තවත් බොහෝ වැඩ කටයුතු අස්සේ නිසා අත පසුවීම් වෙන්න ඇති ඉඩ වැඩියි. ඒ වගේම සයිබරයට සීමා නැති වුණාට මේ පත් ඉරු අතරේ මට සීමාවන් තියනවා කියන එකත් අමතක කරන්න එපා. මේ වැඩේ කරද්දී මට රැවුලයි කැඳයි දෙකම බේරගන්න වෙනවා.මෙතැනින් ඒ පත් ඉරුවට ගොඩවන්නමාතලන් ගේ අඩවියේ මේ ගැන ලිපියටමෙන්න මේ ගැන තවත් කතාවක් අපේ ඉසව්වෙන්දිනමිණ බ්ලොග් පිටුව සමාජවාදීයෙකුගේ ඇසින්. පැරා ගේ වියමන මෙතැනින්දේශකයාගේ දේශනාව මෙතැනින්රාජ් ගේ නවාතැනේත් මෙහෙම අදහසක් තියනවාපැරා ගේ පිළිතුරු ලිපියමීදුමටත් ගැටලුවක් වූ බ්ලොග් පිටුව http://samakayawate.blogspot.com/2014/01/blog-post_11.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

Web Browser එකෙන් සිංහල තේරුම බලමු

 මේ දෙන්න යන්නේ සුපිරි app එකක් මේකෙන් අපි නෙට් එකේ ඉන්නකොට එන්ග්ලිෂ් වචනයක් ගාවට mouse පොයින්ට් එක ගෙනිචම ඒ වචනේ චෙරුම පෙන්නනවා ,දාගෙනම බලන්නකෝfor google chrome http://nextlanka.blogspot.com/2014/01/web-browser.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

නිකිණි වැස්ස

නිකිණි වැස්ස | wadiyalkfeed | Scoop.it
උදේ පාන්දරම මහා වැස්සේ කළුතර ටවුන් එක පැත්තට ආවේ පොඩි ඉන්ටර්විව් එකකට. කොහොමින් හරි දෙතුන් දෙනෙක්ගෙන්ම පාර අහගෙන අදාළ තැනට යනකොට හිටියේ අදාළ කොම්පැනියේ ක්ලාක් මහතැන් කෙනෙක් විතරමයි. "අද හදිසි වැඩක් කියලා බොස් හෙඩ් ඔෆිස් ගියා. අද එන කට්ටියට දෙකෙන් පස්සේ එන්න කියලා කිව්වා"  කාල වරෙන්කෝ දැන් වෙලාව 10 යි. මොනවා කරන්නද? කාලෙකින් කළුතර නගර සිරි නරබන්නත් බැරි උන එකේ හිමින් සැරේ ටවුම පැත්තට ආවා.   කොහොමින් හරි නතර උනේ කාලෙකට කලින් සුමනා අක්කලා රගපෑව සිංහල චිත්තරපටි, ඇමරිකාවේ, සම්බාව්‍ය චිත්තරපටි පෙන්නන්නම  වෙන් වෙලා තිබුණු ෆිල්ම් හෝල් දෙක ඉස්සරහ. අම්මට සිරි මේ කොහෙද මේ ?  ඉස්සර තිබ්බ නම් දෙකත් මාරු වෙලා. වායු සමනය කරන ලද, D.T.S සවුන්ඩ්ස්, සුවපහසු ආසන ... හෝල් එක ඉස්සරහා බෝඩ් එකේ කතාන්තර ගොඩයි.  ඒ හෝල් දෙකටම වෙලා තියෙන සැබෑ වෙනස දැක්කම ඇතුලට නොයා ඉන්න හිතුනෙම නෑ. අනික දවල් දෙක වෙනකම් කරන්නත් දෙයක් තියෙන්න එපැයි. කාලෙකට කලින් මේවයේ පෙන්නපු සම්භාව්‍ය එව්වා බලන්න මකුණෝ පිරුණු ආසන වල වාඩි වෙලා වින්ද දුක මතක් කරකරම හෝල් එක ඇතුලට ගියා.  ටිකට් දෙන්නත් ඉස්සර හිටපු කොල්ලව එළවලා ලස්සන ගැහැණු ළමයෙක් දාලා. " මොනවද නංගි අද පෙන්නන්නේ " " උඩ නිකිණි වැස්ස යට පීටර් වන්" "උඩ එකට දෙන්න"  "ඕ. ඩී. සී.  70 යි." රුපියල් 70 ට බෝඩ් එකේ විස්තරේ අනුව සුපිරි ඒ සී හෝල් එකක ෆිල්ම් එකක් බලන්න හම්බ වෙච්ච චිත්තප්‍රීතියෙන්ම මම උඩට නැග්ගා නිකිණි වැස්ස බලන්න. හෝල් එක ඇතුලේ සු ගාලා දෙතුන් දෙනෙක් හිටියා. වායු සමනය කරන ලද කියලා බෝඩ් වල තිබුනට මුළු හෝල් එකටම එක ෆෑන් එකක් වැඩ කරනවා පේන්න තිබුනා. ඇතුල් වෙනකොටත් ස්ක්‍රීන් එකේ භාචි සුසාන් උගේ අවසාන මොහොත ගැන කියලා බෙරිහන් දෙනවා. එකත් ෆිල්ම් එකේම කෑල්ලක් කියලා හිතා ගෙන හිටියත් ටික වෙලාවකින් බෙල් දෙකක් වැදිලා ලයිට් නිවලා චිත්‍රපටිය පටන් ගත්තා.  කතාව පටන් ගන්නේම මිනියක් එම්බාම් කරන දර්ශනයකින්. පස්සේ තේරෙන විදියට ඒ මැරිලා තියෙන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි  මල් ශාලාවේ අයිතිකාරයා. මිනිය එම්බාම් කරන්නේ එයාගෙ එකම දියණිය. තාත්තාගෙන් පස්සේ මල් ශාලාව කරගෙන යන්නේ මේ දුව තමයි . මෙයා තවම අවිවාහක තරුණියක්. මේ තරුණියගේ බලාපොරොත්තුව තමන් කරගෙන යන ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරන එක. ඒ සදහා එයාට තියෙන සැලැස්ම ආදාහනාගාරයක් තමන්ගේ ගම ප්‍රදේශයේ ඉදි කරලා නගරයේ මල් ශාලා වලට යන අවමංගල උත්සව කටයුතුත් තමන්ගේ මල් ශාලාව වෙත ලබා ගන්න එක. මේ සිහිනය ඉටු කරගන්න යන ගමනේදී ඇයට බොහෝ දෙනා හමු වෙනවා. උදව් වලට වඩා ලැබෙන්නේ තර්ජන ගර්ජන. මුදල් අල්ලස් ලිංගික අල්ලස් ඉල්ලීම්. මිනි එම්බාම් කරන මේ ගැහැණිය උදේට දකින එකත් මුසල කමක් කියලා හිතන ගම්මු ගැන නොසිතාම මැය තමන්ගේ අරමුණ කරා යන්න මහන්සි වෙනවා. මේ ගමනේ අවසානයේදී ඇයට සිදු වෙන්නේ තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න. නමුත් මරණයෙන් පසුව හෝ ඇගේ සිහිනය ඉටු වෙනවා. එහි වාසිය ලැබෙන්නේ මරණයෙන් පසුව මල් ශාලාවේ හිමිකාරිත්වය ලැබෙන අගේ ගෝලයාට සහ ඔහුගේ සගයාට.  චිත්‍රපටයේ කැමරා භාවිතය ගැන කතා කරනවා නම් ග්‍රාමීය ප්‍රදේශයක් තුල රූපගත කල නිසාදෝ මා සිතන පරිදි කැමරාවේ දුහුවිලි බැදීම නිසා එහි බොහෝ දර්ශන කහ පැහැයක් ගෙන තිබුනා. නමුත් මල් ශාලා හිමිකාරිනියගේ මරණින් අනතුරුව වැටෙන වැස්සෙන් පසු පෙන්වන අවසාන දර්ශනයේ ඇයගේ ගොලයාත් ඔහුගේ සගයාත් ඒ කහ පැහැයෙන් තොරව ඉතා පැහැදිලිව දැකිය හැකි වන්නේ ඇති වූ වර්ෂාවට කැමරාවේ බැදී තිබු දුහුවිල්ල හේදී ගිය නිසා බව උපකල්පනය කරන්න පුළුවන්. චිත්‍රපටයේ සංගීතයක් නම් තිබුනාද යන්න පිලිබදව නම් කිසිම මතකයක් නැතත් සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස නදීක ගුරුගේ යන නම නාමාවලියේ දක්නට පුළුවන්.   අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය තුලින් සමාජයට යම් පණිවිඩයක් දීමට උත්සාහ කරන බව ලාවට මෙන් හැගුනත් ඒ පණිවිඩය මොකක්ද කියලා මට නම් තවම තේරුනේ නැති බව කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන්න වෙනවා. කෙසේ වුවත් මෙම සිනමා පටය තුල මල් ශාලාවේ ගෝලයා සහ ඔහුගේ පෙම්වතිය අල සිටුවන දර්ශන දෙකත්  නැති වුනා නම් අධික නිදිමතක් දැනීම සාමාන්‍ය දෙයක් වීමට බොහෝ සේ ඉඩ තිබුණු බව චිත්‍රපටය නැරබු තුන් හතර දෙනාගේම මුහුණු වලින් පෙනුන බවද කිව යුතුමයි.   අපේ සම්භාව්‍ය චිත්‍රපටි අපට අගේ නැති උනත් මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගෙන තියෙනවා. ඒ නිසා වත් ඉතිං ගිහිල්ලා බලලා මේකේ බජට් එක කවර් කර ගන්නවත් පුංචි සහයෝගයක් දෙන්න. ස්තුතියි  http://ape-ambalama.blogspot.com/2013/06/blog-post_12.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

ගෙදරදීම හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදමු (පට්ට ගදයි)

ගෙදරදීම හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදමු (පට්ට ගදයි) | wadiyalkfeed | Scoop.it
  A Level වලට science කරනවානම් මේක නිවර්යෙන් lab එකේදී හදලා ඇති.එහෙම කෙනෙකුට ඉතින් මේකේ ගද ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.අයේ පැත්ත පළාතේ ඉන්ඩ බැරි කුණු බිත්තර ගදක් තියෙන්නේ.    අපි ඕක ඉස්කෝලෙදි හැදුවා.ඒ ඒ වෙලාවේ තමා අපේ chemistry teacher මේක ගෙදරදී හදන විදිහක් කිව්වේ. මම ඕක test කරලා බැලුවා.මහා ලොකු දෙයක් කරන්ඩ නෑ.ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන්.අවශ්‍ය දේවල්:-   * දෙහි ගෙඩියක්   * නිල් කුඩු පැකට් එකක් (රෙදි වලට දාන නිල්)  දැන් ඔය නිල් කුඩු ටිකකට දෙහි ගෙඩිය මිරිකලා දාන්ඩ.එතකොට නිල් කුඩු වල තියන සල්ෆර් එක්ක දෙහිවල තියන අම්ලය ප්‍රතික්‍රියා කරලා  හයිඩ්‍රජන් සල්ෆයිඩ්  හැදෙනවා.එතකොට නහයක් තියන කෙනෙක්ටනම් අහලක ඉන්ඩ බෑ.මේක කරන්ඩ නිල් වතුරනම් හරියන්නේ නෑ.මේකෙන් ඇති වැඩේ මොකක්ද කියලනම් අහන්ඩ එපා. ඔයාලට හොද හොද ගොන් අදහස් තියනවනම් මේකෙන් පට්ට fun එකක් ගන්ඩ පුළුවන්.ජය වේවා...........!!!මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. http://bassjohn.blogspot.com/2013/12/blog-post_17.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

පොපි මල් වලින් "හෙරොයින්" හදන හැටි

පොපි මල් වලින් "හෙරොයින්" හදන හැටි | wadiyalkfeed | Scoop.it
  ජෝන් බාස් මුල්ම ලිපියෙන් කියලා දෙන්න යන්නේ තහනම් වැඩක්.එත් ඉතිං අවුලක් නෑ.මේවා හදන්න අපේ රටේ පොපි මල් නෑ නේකස්ටිය මේ වගේ දේවල් දැන ගන්න කැමතිනම් FB page එකට like එකක් දාගෙනම යන්න.මේ photo එකේ වගේ පොපි මල පිපෙන්ඩ කලින් තියන පොහොට්ටුවේ කැපීම් කරනවා.එතකොට එකෙන් රෝසපාට කිරි වගයක් වෑස්සෙනවා.මේවා එකතු කරලා වෙලුවම කළු පාට වෙනවා.මේවට තමා "අබිං" කියන්නේ.මේකත් සිංහල බෙහෙතක්.වේදනා නාශකයක් විදිහට ඉතාම සුළු වශයෙන් යොදා ගන්නවා.අබිං වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා එකෙන් මෝෆීන් නිපදවනවා.මේක ප්‍රභල වේදනා නාශකයක් විදිහට බටහිර වෙදකමට දැනටත් යොදා ගන්නවා.මෝෆීන් සැදීමේදී ඉතිරි වන ටිකට තමා "බ්‍රවුන් ෂුගර්" කියන්නේමෝෆීන් වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරාම හෙරොයින් අවක්ෂේප වෙනවා.එක පෙරලා වේලලා ගන්න කුඩු තමා ඔය හෙරොයින්.(මට හොදටම විශ්වාස නෑ.එත් මෝෆීන් වල විවිධ සංරචකනම් lab වල තියනවා මට දැකලා තියනවා වගේ ලාවට මතකයි.)ශ්‍රී ලංකාවේ වසරකට හෙරොයින් කිලෝ 700 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය වන බවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ ඇසුරින් තහවුරු වී ඇත. මේවා අතරින් වසරකට අත්අඩංගුවට ගැනෙන්නේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයකි. දකුණු ආසියාවේ විශාලම හෙරොයින් තොගය මේ ලගදි (2013/08/30) ග්‍රීස් ටින් වල තිබිලා අල්ල ගත්තෙත් ලංකවෙන්.එතන කිලෝ 262ක් තිබ්බා.එකෙන්ම පේනවනේ ලංකාවේ වසරකට කිලෝ 700ක් බොන එක වෙන්න පුළුවන් කියලා.ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 90% සිද්ධ වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ.ඒවා ඊළගට පකිස්ථානයට ගේනවා.පකිස්ථානයෙන් තමා ඒවා ලෝකේ පුරාවටම බෙදාහරින්නේ.වැරදිලාවත් අත්හදා බලන්න යන්න එපා.එක සැරයක් ඇති ඒකට ඇබ්බැහි වෙන්න.එතකොටම මුළු සේසතම ඉවරයි. ජය වේවා...........!!!මගෙ Blog එකෙ Updates Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ. http://bassjohn.blogspot.com/2013/09/blog-post.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

sexy ලුක් එකක් තියෙන side bar එකක් බ්ලොග්/වෙබ් එකට දාමුද ?

sexy ලුක් එකක් තියෙන side bar එකක් බ්ලොග්/වෙබ්  එකට දාමුද ? | wadiyalkfeed | Scoop.it
ආයුබෝ වේවා !! සුභ නව වසරක් වේවා !! සුභ නත්තලක් වේවා !!බ්ලොගට එන්න බැරි උන ටිකේ තිබ්බ හැම එකක්ම වේවා ඈ...කලකට පස්සේ බ්ලොගට බැස්සේ බ්ලොග් කරන යාලුවොන්ට සුපිරිම gadget එකක් අරගෙන . මේක සුපිරිම සුපිරි side bar එකක් ඔන්න බලමුකෝ ෆොටෝ එකක් මුලින්මෆොටෝ පෙන්නලාඅපේ ගොයියෝන්ට සෑහීමක් නෑනේ  ඔන්න live demo එකක්  තියෙනවා  ඔබල කරලා බලාගන්න අත පත ගාල එහෙම හොදේදැන් බලමු මේක දාන හැටි blogger layout එකට යන්න add a gadget click කරන්න HTML/JAVASCRIPTක්ලික් කරන්න  පහලින් තියෙන කෝඩ් එක දාන්න save  කරන්න  මෙන්න එහෙනම් code එක . මේකේ <li><a href="https://www.facebook.com/sm.mahaththaya">Fb එකේ අපි  </a></li><li><a href="https://plus.google.com/u/0/105100810871933972934/posts">G+ එකේ අපි </a></li><li><a href="http://wadiyalk.com">අපේ forum එක </a></li><li><a href="https://twitter.com/sudusm">twitter </a></li>කියන එව්වා වෙනුවට ඔයාගේ ලින්ක් දාගන්න :)<script src="http://dl.dropboxusercontent.com/s/dxv8pj5mvc74vyw/prototype.js" type="text/javascript"></script><script src="http://dl.dropboxusercontent.com/s/wvyae56sr0hic2n/effects.js" type="text/javascript"></script><script src="http://dl.dropboxusercontent.com/s/8t6uvuz6r1xzpnz/side-bar.js" type="text/javascript"></script><a href="#" target="_blank" title="wadiyalk"><img src="https://bitly.com/24workpng1" alt="Blogger Tips and Tricks" border="0" style="position: fixed; bottom: 10%; right: 0%; top: 0px;" /></a><a href="#" target="_blank" title="Latest Tips And Tricks"><img src="https://bitly.com/24workpng1" alt="Latest Tips And Tricks" border="0" style="position: fixed; bottom: 10%; right: 0%;" /></a><a href="#" target="_blank" title="Blogger Tricks"><img src="https://bitly.com/24workpng1" alt="Blogger Tricks" border="0" style="position: fixed; bottom: 10%; left: 0%;" /></a><style>bodyfont-size:75%;aoutline: none;a:activeoutline: none;#sideBartext-align:left;#sideBar h2color:#F0FFFF;font-size:110%;font-family:arial;margin:10px 10px 10px 10px;font-weight:bold !important;#sideBar h2 spanfont-size:125%;font-weight:normal !important;#sideBar ulmargin:0px 0px 0px 0px;padding:0px 0px 0px 0px;#sideBar limargin:0px 5px 5px 10px;padding: 0 0 0 10px;list-style-type:none;display:block;background-color:#DA1074;width:177px;color:#FFFFFF;#sideBar li awidth:100%;#sideBar li a:link,#sideBar li a:visitedcolor:#FFFFFF;font-family:verdana;font-size:100%;text-decoration:none;display:block;margin:0px 0px 0px 0px;padding:0 0 0 20px;width:100%;#sideBar li a:hovercolor:#FFFF00;text-decoration:underline;#sideBarposition: fixed;width: auto;height: auto;top: 140px;left:0px;background-image:url(http://2.bp.blogspot.com/-nUGCKbZIyb4/Tvq4n0Ix8CI/AAAAAAAAACk/cPMmEKDYqto/s320/left.collapse.border.png);background-position:top right;background-repeat:repeat-y;#sideBarTabfloat:left;height:137px;width:28px;#sideBarTab imgborder:0px solid #FFFFFF;#sideBarContentsfloat:left;overflow:hidden !important;width:200px;height:320px;#sideBarContentsInnerwidth:200px;</style><div id="sideBar"><div id="sideBarContents" style="display:none;"><div id="sideBarContentsInner"><h2>Left<span>Menu</span></h2><ul><li><a href="https://www.facebook.com/sm.mahaththaya">Fb එකේ අපි  </a></li><li><a href="https://plus.google.com/u/0/105100810871933972934/posts">G+ එකේ අපි </a></li><li><a href="http://wadiyalk.com">අපේ forum එක </a></li><li><a href="https://twitter.com/sudusm">twitter </a></li></ul></div> </div><a id="sideBarTab" href="#"><img alt="sideBar" src="http://1.bp.blogspot.com/-gPACiBoLjnI/TxPJ-2PsgfI/AAAAAAAAAIw/mQGIlkBHf_4/s320/sidebarcollapse.png" title="sideBar" /></a></div> http://www.sudusm.com/2014/01/sexy-side-bar_23.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ සුපසන් නිවස

සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ සුපසන් නිවස | wadiyalkfeed | Scoop.it
මහවළතැන්න වලව්වපළාත - සබරගමුව           දිස්ත්‍රික්කය - රත්නපුරගමන් මාර්ගය - බළන්ගොඩ කල්තොට මාර්ගයේ තෙලදිරිය හන්දියෙන් ඉඹුලමුර මාවතේ කිලෝමීටර් 4ක් ගමන් කළ තැන මහවළතැන්න වලව්ව හමුවේ.විශේෂත්වය - ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සෙවණ දුන් නිවහනයි.රාජාණ්ඩු ක්‍රමය අහෝසි වී පරාධීන යුගයකට එළැඹ එතැන් පටන් ඉංගී‍්‍රසි ආධිපත්‍යයේ සුදු සෙවණැලි මුල්බැස ගන්නවාත් සමඟම මෙරට ඉතිහාසය ද යම් පෙරළියකට බඳුන් විය. මෙරට විසූ බොහෝ රදළයන් ඉංගී‍්‍රසීන්ට පක්ෂපාතකම් දක්වන්නට වූ අතර, ඉංගී‍්‍රසීන් විසින් ඔවුන්ට තාන්න මාන්න, පඬුරු පාක්කුඩම් පිදීමට වගබලා ගන්නා ලදි. සුවිසල් නින්දගම් සහිතව ඉතා බලවත් “වලව්” පෙළැන්තියක් ද මේ වන විටත් බිහිවී තිබිණි. රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිතව පැවැති යුගයේ කුලභේදය, පංතිභේදය වඩාත් තදබල ලෙස පවතින විට කුලයෙන් ඉතා උසස් යැයි පිළිගත් “රදළ” පංතිය කළේ රජුගේ පාලන තන්ත්‍රයට ද යම් අයුරකින් උදව් උපකාර කිරීමයි. එම නිසා සෙසු සමාජ පන්තීන්වලට වඩා ගෞරවයක්, පිළිගැනීමක් ගම්වැසියන්ගේ යටහත් පහත් බවක් මෙම රදළ නිවෙස්වලට උරුමව තිබිණි. ඔවුන් ජීවත් වූ නිවෙස් හැඳින්වූයේ “වලව්ව” යන නාමයෙනි. එලෙස පැවැත ආ සබරගමු පළාතේ “වලව්” අතර මහවළතැන්න වලව්ව ද මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන උරුමයකට ද සෙවණ දුන් තැනකි. ලොව ප්‍රථම අගමැතිනිය ජීවත් වූයේ ද මෙම සෙවණ පෙරදැරි කරගෙනය. එනම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ළමා කාලය ගෙවී ගියේ මෙම මහවළතැන්න වලව්ව පෙරටුකොටගෙනය. රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමි හා බාන්ස් රත්වත්තේ වාසය කළේ මෙම මහවළතැන්න වලව්වේය. බළන්ගොඩ නගරයට සැතැපුම් දහයක් පමණ දුරින් මෙම ඓතිහාසික වලව්ව පිහිටා තිබූ අතර බළන්ගොඩ වැලිගෙපොළ පාරේ කිරිමැටිතැන්න, ගල්කන්ද ප්‍රදේශ පසුකර යන විට හමුවන මහවළතැන්න හන්දියෙන් හැරී මෙම වලව්වට යා යුතු විය. මහාවළ සහිත භූමියක පිහිටි තැනිතලා ප්‍රදේශයක් වූ නිසා මෙන්ම රදළ පරපුරක නිජ බිමක් ද වූ නිසාම “මහාබල” තැන්න ලෙස ව්‍යවහාර වී පසුකලෙක මහාවළතැන්න නමින් ප්‍රකට වූ බව කියැවේ.සිංහල උළු සෙවිලි කර මැද මිදුලක් සහිතව තේජස් ශි‍්‍රයාවෙන් නෙත ගැටුණු මෙම වලව්වට ඉංගී‍්‍රසි සම්ප්‍රදාය ගෙන එමින් ඉදිරිපසින් අලුත් කොටසක් එක් කරන ලද්දේ සැමුවෙල් ඩේවිඩ් මහවළතැන්න රටේ මහත්තයා විසින් බව ද කියැවේ. සැමුවෙල් ඩේවිඩ් මහවළතැන්න රටේ මහත්තයා වූ කලී සිරිමාවෝ මැතිනියගේ සීයා (මවගේ පියා) ලෙස හැඳින්වේ. මෙම මහවළතැන්න වලව්ව ඉදිවීම පිළිබඳව ද ඇත්තේ රසවත් පුරාවෘත්තයකි.  රොස්මන්ඩ් මහවළතැන්න කුමාරිහාමිගේ සීයා මුලින්ම පදිංචිව සිට ඇත්තේ බළන්ගොඩ ගොඩකුඹුර වලව්වේ ය. එතුමා සතුව විශාල ගවපට්ටියක් තිබූ අතර ගවපට්ටිය රැකබලා ගත් ගොපලු දරුවන් ගවයන් තණ කැවීමට දැම්මේ මහවළතැන්න කැලෑවටය.එක් දිනක් මෙම වනවදුලේ සිරි නැරැඹීමේ වුවමනාවෙන් මඬනා ලද රටේ මහත්තයා, සේවකයන් දෙදෙනෙකු ද කැටිව වනය තුළ ඇවිද යමින් සිටිය දී දිය පිපාසයෙන් පෙළෙන අතර දිය බී ලබුකැටය ගසක අත්තක එල්ලා තැබුවේය. තවත් ඔබ්බට වනයේ සිරි නරඹමින් යද්දී දක්නට ලැබෙන්නේ ඉතා දුර්ලභ එහෙත් අදහාගත නොහැකි දසුනකි.  මහ කැලය මැදින් දිව ආ සාවෙකු පසුපස හඹාගිය සිවළෙකු ආයෙමත් හැරී වේගයෙන් හඹා ආවේ හාවාට බිය වීමෙන්ය. හාවා කේන්තියෙන් හිවළා පිටුපස හඹා ආවෙන් සිවලා බිය වී වේගයෙන් කැළයට දිව ගියේය. සිවලා හාවාට පැරදුණේය. මෙය නම් ආශ්චර්යවත් සිදුවීමකි. සැබැවින්ම මෙම භූමිය ජය බිමකි. එසේ සිතූ රටේ මහත්තයා, තම අනාගත ජීවන කුටුම්භය ඉදිවිය යුත්තේ මේ බිමේ යැයි අදිටන් කොට ගත්තේය. මහවළතැන්න ඓතිහාසික වලව්ව ඉදිවුණේ එලෙසය. මහවළතැන්න පරම්පරාවට අයත් මෙම වලව්ව වසර 1900 දී ඉංගී‍්‍රසි ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ සැලැස්මකට අනුව ඉදිවිය. එම ජය භූමිය තුළින් උපන් සිරිමාවෝ රත්වත්තේ කුමාරිහාමිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වීමේ භාග්‍යය ද මහවළතැන්න වලව්වට ලබා දීමට සමත් වූවාය.මහවළතැන්න වලව්ව එකල ජාත්‍යන්තරයේ පවා ප්‍රචලිත වීමට තරම් හේතු තිබිණි. 1931 වසරේ දී අමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක් රූගත කිරීමට අමෙරිකානු චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් මහවළතැන්න වලව්වට පැමිණියේ ගම්මානයේ සුන්දරත්වයට ලොල් වී ගෙනය. ඔවුන් ආපසු යන විට ඔවුන් චිත්‍රපටයේ රූගැන්වීමට රැගෙන ආ කොටියෙකු දැමූ කූඩුව මහවළතැන්න වලව්වට තෑගි දී යන්නට අමතක    නොකළේය.මහවළතැන්න වලව්ව රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමිගේ සහ ඇගේ පියා වූ සැමුවෙල් ඩේවිඩ් රටේ මහත්තයාගේ යුගයේ ඉතා සුපසන් නිවෙසකි. නිතර ජනී ජනයාගෙන් පිරී ගිය, නිතර දිළිඳු මිනිසුන්ට දන් දුන්, දුක සැප විමසූ, සහල් බුසල් ගණනින් දන් දුන් තැනකි. ප්‍රදේශයේ දක්ෂ කලාකරුවන් ශිල්පිනියන් ගෙන්වා කුලසතා එළිදැක්වූ රඟමඩලක් වැනිය. සිරිමාවෝ මැතිනියගේ සීයා වූ  මහවලතැන්නේ රටේ මහත්තයා ද, මව වූ රොස්ලින්ඩ් මහවළතැන්න කුමාරිහාමි ද දක්ෂ වෙදැදුරන් වූ අතර වලව්වේ මහා ඉඩම පුරා ඉතා හිඟ බෙහෙත් පැළෑටි මෙන්මගහකොළ වවා තිබිණි. පෙරුම්කායම් ගස් පවා එහි වවා තිබූ බව පැරැන්නෝ පවසති. එලෙස සබරගමුවේ (රත්නපුර) ආයුර්වේද ඉතිහාසයට මහවළතැන්න වලව්වෙන් ලැබී තිබුණේ අනගි මෙහෙයකි. එම වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ ඇතැම් පරපුරක් ද තවමත් එහි පැවත එයි.සබරගමුව මහසමන් දේවාලයේ 13 වැනි බස්නායක නිලමේ ධූරය ද  මහවලතැන්නේ වලව්වෙන් හොබවා ඇත. බළන්ගොඩ සාංඝික මහා සුධර්මාරාමය කරවා තෝලංගමුවේ මාහිමියන්ට පූජා කළ බව ද සඳහන් වේ. 1957 අපි‍්‍රයෙල් 20 දින මියගිය එවකට සෙනෙට්  මන්ත්‍රීවරයෙකු  වූ අභාවප්‍රාප්ත බාන්ස් රත්වත්තේ (සිරිමාවෝ මැතිනියගේ පියා) මහතාගේ අවසන් කටයුතු සිදු කළේද මහවළතැන්න ගම්මානයේය. ප්‍රෞඪ අතීතයක හිමිකම හිසදරා ගනිමින් අතීතයේ නටබුන් අතර විරාජමානව සිටින මහවළතැන්න වලව්ව ද අනාගත පරපුර සඳහා ද රැක ගැනීම අපගේ වගකීමයි.තොරතුරු සහ මූලාශ්‍ර සපයා දුන් ශාස්ත්‍රවේදී බිබිලේ පියනන්ද හිමියන්ට ස්තූතියනන්දි අලුත්ගේ රත්නවීරඡායාරූප - නිශ්ශංක විජේරත්නමිහිතුරු සඟරාවට ලියල ලද ලිපියකි http://samakayawate.blogspot.com/2014/01/blog-post_17.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

අහිමි සද..

අහිමි සද.. | wadiyalkfeed | Scoop.it
අහසට දැනෙන පාළුවසදෙන් සගව ගන්නහෙමි හෙමිහිට රූරා එනවැහි බින්දු මුවා කරන්සද තරු වලට රහසේමඉකි බිදින්නකොනිති ගහන දුක් පවුරුකවියකට ගෙත්තම් කරන්නරහසේම ඉරබටු මනමාල තරුවේඑපා මට කියා දෙන්නහිතට හොරා හිතම හොයපු හිත ගාවම දැවටී දැවටී කොදුර කොදුර රහස් කියපු ආලවන්තකම් එපා මට ආයෙමත් අත වන්න මං ඈතයිලු සදට බැහැ මට සද නැතිව ඉන්න රිදුම් දී හඩන තනි හීනෙට මන්දාරම් අදුර නැතිවසද විතරක් ආයෙමගෙනවිත් දෙන්න පුළුවනි දනුඹලාට.. http://monaru11.blogspot.com/2014/01/02_11.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

සයිබර් පුවත්

සයිබර් පුවත් | wadiyalkfeed | Scoop.it
පපර පපර පං පං පපර පපර පං පපර පං පං පං ටක් ටික් ටික් ටික් ආයුබෝවන් මේ සයිබර් මඩ වාහිනී සේවයයි. මෙන්න ප්‍රවෘත්ති, පුවත් සිරස්තල ඔබ වෙත ගෙන එන්නේ .... මී මුර ප්‍රදේශයෙන් ආනයනය කරන ලද උසස්ම තත්වයේ අනර්ඝ කිතුල් රා දිවයින පුරා බෙදාහරින අබේපාල ඩිස්ට්‍රීබියුටර්ස් ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.ඔබට රා බී වෙරි වීමට අවශ්‍ය නම් අදම ඇනවුම් කරන්න. අබේපාල ඩිස්ට්‍රිබියුටර්ස් කොට්ටාව, පන්නිපිටිය.   මුලින්ම පුවත් සිරස්තල, රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්. සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ. තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්. ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින් සවිස්තරාත්මක පුවත් රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ගතියක් ඇති වන බව නවතම පර්යේෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මේ අනර්ඝ සොයා ගැනීම සිදු කර ඇත්තේ පසු ගිය දිනක පවතී සයිබර් සිහින බක් මහ උළෙලට සහභාගී වූ බ්ලොග් කරුවන් පිරිසක් විසින්. බක් මහ උළෙල අවසන් වී සතියකටත් අධික කාලයක් ගත වී ඇති නමුත් කිසිදා මත් පැන් පානය නොකරන්නේ යයි පවසන ඔවුන් කිහිප දෙනෙකු තවමත් වෙරි මතින් පසු වීම මෙයට හොදම සාක්ෂියක්. මිට අමතරව රෙඩ් බුල් පානය නිසා අධික ලෙස වෙරි වූ රං ගොජෙක් රුපියල් 240 කට වෙරි වීමට හැකියාව තිබියදීත් තම පරිබෝජනය උදෙසා රැගෙන ආ අරක්කු බෝතල් බෝතල් සදහා වියදම් වූ මුදල් පිලිබදව දුක කියමින් සයිබරය පුරා ඇවිදින බව සයිබර් පුවත් සේවයට වාර්තා වෙනවා. එම රජාගේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයකු සයිබර් පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටියේ එසේ ඇති වූ දුක නිවා ගැනීම සදහා ඒ අරක්කු බෝතල් කිහිපය ප්‍රමාණවත් වූ බවයි . අරක්කු වලට  වූ  මුදල් පිලිබදව සොවින් තැවෙන රජා  තම  ආයතන මගින්   ඉදිරි කාලයේදී විකාශය කිරීමට බලාපොරොත්තු වන සියලුම රියලිටි වැඩසටහන් වල විනිශ්චය මණ්ඩලය ලෙස සයිබර් සිහින බක් මහ උළෙලේ ජන ගී තරගයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල වැපා, ඕනයා ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරගයක් ඇති වී තිබෙනවා. සයිබර් පුවත් සේවය එම විද්‍යුත් නාලිකා නියෝජිතයන් ගෙන් කල විමසීමකදී ඔවුන් සදහන් කලේ තම අරමුණ එදා සයිබර් සිහින උළෙලේදී තරගකරුවන්ගේ දක්ෂතා පිළිබඳව ඔවුන් දැක්වූ අදහස් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව එවන් දැනුමක් ඇති සම්පත්ධාරීන් ගේ සේවය ලබා ගැනීම තුලින් තම වැඩසටන් වල ගුණාත්මක භාවය වර්ධනය කරගැනීම බවයි. දැන් කෙටි විරාමයක්.. ඔබගේ අනාගතය කෙසේද ? සිකුරා නලලේද? සුදු කොඩි පේනවාද? කේන්ද්‍රය පරික්ෂා කර ගැනීමට යාමට වෙලාවක් නැද්ද? ස්කයිප් මගින් අන්තර්ජාලයෙන්  ජෝතිෂ්‍ය ශාස්ත්රානුකුලව නිවැරදි පලාපල විස්තරයක් ලබා ගැනීමට ඔබටත් අවශ්‍යද? එසේ නම් අදම මැසේජ් කරන්න  මාර කුමාර ජෝතිෂ්‍යය සේවය  ෆේස් බුකිය  සිරි ලංකාව  මාරයා - කේන්දරේ බැලුවොත් බැලුවාමයි  දැන් නැවතත් ප්‍රවෘත්ති  සයිබර් සිහින සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා දැනටමත්  සයිබර් මෙහෙයුම් කිහිපයක්ම ආරම්භ වී තිබෙනවා. කොස් කොලාලංකාරය වැනි ජනප්‍රිය  පද්‍ය රචනා නිර්මාණය කල රුහුණු පුරයෙන් බිහිවූ සයිබරයේ ජනප්‍රිය කවියෙකු සහ නොහික්මුණු ඇසක් හිමි අයකු මේ සදහා මුලික වී ක්‍රියා කරන බවයි  සයිබර් ආරංචි මාර්ග සදහන් කරන්නේ. මේ පිලිබදව සයිබර් පුවත් සේවය කල විමසීමකදී නොහික්මුණු ඇය ඇස විසින් ප්‍රකාශ කර සිටියේ නම කියවන විට දිව ටැපලෙන බ්ලොග්කාරියන් විසින් තම උත්සාහයට කොතරම් තර්ජන ගර්ජන ඉදිරිපත් කලත් බ්ලොගර් ගූගල් ටුවිටර් සමාජ ජාල වලට අමතරව සයිබරයේ සෑම අහු මුල්ලකම ඔවුන් සොයා තම මෙහෙයුම් දියත් කරන බවයි.  මෑතක් වන තුරු උගේ ඉසව්වක ෆැන්ටසි පුරවරයක ජිවත් වෙමින් ජනයාට රංගනයන් ඉදිරිපත් කල රුහුණු පුර කවියා අද වන විට තම ෆේස් බුක් ගිණුමද අක්‍රිය කොට දමා රෙඩ් බුල් ආයතනයේ රියදුරු රැකියාවක් හෝ සොයා පයින්ම ඇවිදින බව සයිබර් ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරනවා. ටොප් ලැට් එකක සිට ලැප් ටොප් එකක් භාවිතා කරන ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමට අවංක පැට්ටා සහ සමාගම කටයුතු සුදානම් කර තිබෙනවා. එම සමාගමේ නිල මාධ්‍ය ප්‍රකාශක ඇල්වින් මදුවන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකීය සයිබර් වාසි ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීම පිලිබදව දැනුවත් කිරීම සදහා තම සමාගම විසින් මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරාම ක්‍රියාත්මක කරන බවයි. මේ පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ටොප් ලැට්  එකක සහ ලැප් ටොප් එකක වෙනස පැහැදිලි කරන අවංක පැට්ටා මහතා. සිංහල බ්ලොග් අවකාශය තුල  පවතින රූමත්  බ්ලොග් කාරිනියන්ගේ අඩු පාඩුව දුරු කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය 2013 සයිබර් සිහින කුමරා පණුවා මහතා  ගේ සංකල්පයක්. සයිබර් පුවත් සේවය සමග කල සාකච්චාවකදී ඒ මහතා පවසා සිටියේ සිංහල බ්ලොග් අවකාශයට පිවිසීමට බලාපොරොත්තු වන රූමත් ගැහැණු  ළමුන් සදහා ඕනෑම උදව්වක් කිරීමට තමන් නොපැකිලව ඉදිරිපත් වන බවත් ඒ සදහා ඕනෑම තරාතිරමක රූමත් ගැහැණු ළමයෙකුට ඉදිරිපත් විය හැකි බවත්ය. ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙසේ උදව් කිරීම සදහා තමන් සතු ඩේටා කොපමණ වැය උවත් කොපමණ දින ගණනක් ගත වුවද තමා එය ගණන් නොගන්නා බවයි. මේ පිළිබද අදහස් දක්වන පනුවා මහතා.  පුවත් අවසන් කිරීමට පෙර සාරාංශය  රෙඩ් බුල් පානය මගින් අරක්කු වලට වඩා වෙරි මත ඇති වන බවට සයිබර් වාසි බ්ලොග් කරුවන්ගෙන් නව සොයා ගැනීමක්. සයිබර් සැණකෙළියේ රෙඩ් බුල් බෙදු ගැහැණු ළමුන් සොයා සයිබර් මෙහෙයුම් ඇරඹේ. තමන් ඉදිරි කාලයේ විකාශය කිරීමට නියමිත රියලිටි වැඩසටහන් සදහා සයිබර් සැණකෙළියේ ජන ගී තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කල ඕනයා, වැපා, ඇතුළු විනිශ්චය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට ශ්‍රී ලාංකීය විද්‍යුත් නාලිකා අතර දැඩි තරඟයක්. ටොප් ලැට් එකක සිට ලැප් ටොප් භාවිතා කරන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන රට පුරා බ්ලොග් ලොවට පිවිසීමට කැමති ලස්සන ගැහැණු ළමයින් හට ඕනෑම උදව්වක් කිරීමට සයිබරයේ සිහින  පනුවා  කුමරා සුදානමින් ඒ සමගින් අද දිනට නියමිත සයිබර් පුවත් ප්‍රකාශය මෙතකින් අවසන් වෙනවා. තවත් මඩින් පිරි පුවත් රැසක් සමගින් ඔබ හමු වන තුරු ඔබ සැමට සුභ රාත්‍රියක්, සුභ දවසක් ;) (ලින්ක් ලබා දී ඇති වීඩියෝ වල අයිතිය තරින්ද දිලිප් සොහොයුරා සතුය.) http://ape-ambalama.blogspot.com/2013/05/blog-post.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

Android සංස්කරණ ඉතිහාසය

Android සංස්කරණ ඉතිහාසය | wadiyalkfeed | Scoop.it
Android කියන්නේ Google ලාගේ Linux පදනම් කරගෙන සැලසුම් කරපු මෙහෙයුම් පද්දතියක් ,ප්‍රදාන වශයෙන් මෙ මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්නේ Smart Phone සහ Tablet පරිගණකයි.මුලින්ම 2003 ඔක්තෝබර් මාසයේදී Andy Rubin,Rich Miner, Nick Sears සහ Chris White විසින් සොයාගන්නා ලදී.ඊටපස්සේ 2005 අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Android තමා සතුකරගන්නා ලදී. (1) මේ සිද්දි වලින් පස්සේ පලවෙනි Android සංස්කරණ Android 1.0 නමින් 2008 සැප්තැම්බර් මාසයේදී HTC Dream (G1) දුරකතනයෙන් ප්‍රසිද්දියට පත්කරා.(2) ඔන්න ඉතින් 2009 අප්‍රේල් මාසයේදී Android 1.5 Cupcake නමින් ප්‍රසිද්දියට පත්කරා,මේ තැන ඉදන් තමයි Android මෙහෙයුම් පද්දතියට කෑම (අතුරු පස)වල නම් දාණ්ඩ පටන් ගත්තේ.මේ සංස්කරණයෙදී තමයි කැමරා වෙන් video කිරීමේ සහ video බැලීම ,Picasa සහ youtube වලට පින්තුර සහ video upload කිරීමේ හැකියාව මුලින්ම ලබා දුන්නේ.Cupcake කියන්නේ Cup එකක් හැඩයක අච්චුවක බෙක් කරපු පොඩි කේක් එකක්. (3) Android 1.6 Donut සංස්කරණ 2009 සැප්තැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණයේ තමයි මුලින්ම Voice Search කිරීමේ හැකියාව ලබාදුන්නේ.ඒ වගේම Multi touch පහසුකමත් මේ සංස්කරණයෙදී තමයි මුලින්ම හම්බෙන්නේ. Donut කියන්නේ පාන්පිටි වලින් මුදු හැඩයට හදල ගැබුරු තෙලේ බැදගත්ත අතුරුපසක් .(4) Android 2.0 / 2.1, i.e. Eclair නමින් 2009 ඔක්තෝබර් මාසයේදී ප්‍රසිද්දියට පත්කරා.මේ සංස්කරණයෙදී තමයි මුලින්ම Live walpaper එකතු කරලා තිබුනේ.අනික් Android සංස්කරණ වලට වඩා මේ සංස්කරණ යේ වේගය වැඩිකරලා තිබුනා.Eclair කියන්නේ දිගටි හැඩයක් තියෙන Cream puff එකක්.(5) Android 2.2, i.e. Froyo නමින් 2010 මැයි මාසයේදී එළිදැක්වුනා.මේ සංස්කරණයෙදී camera එක පාලනය කරන buttons තිරයමත දිස්වන විදිහට සකස් කරලා තිබුන.ඒවගේම පළමු වතාවට USB Tethering සහ WIFI HOTspot ඔප්ෂන් ලබාදීලා තිබුන.Froyo කියන්නේ මිදුණු යෝගට් වලින් සාදන අතුරුපසක්.(6) Android 2.3, i.e. Gingerbread නමින් 2010 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණය මුලින්ම එන්නේ SAMSUNG NEXUS S කියන දුරකථනය එක්කයි.මේ සංස්කරණය තමයි දැනට Android වල ජනප්‍රියම සංස්කරණය.මේ සංස්කරණයේ දී තමි පලවෙනි වතාවට Camera දෙකක් සමග ක්‍රියාකරන Android සංස්කරණය.ඒ වගේම NFC පහසුකම මුලින්ම අවෙත් මේ සංස්කරණය එක්ක. Gingerbread කියන්නේ ඉගුරු යුශ පාන්පිටි වලට මිශ්‍ර කරලා හදන කේක් වර්ගයක්. (7) Android 3.0 සංස්කරණ Honeycomb නමින් 2011 පෙබරවාරි මාසයේ දී එළිදැක්වුනා.මේ සංස්කරණය විශේෂයෙන්ම හදල තිබුනේ Tablet පරිගණක වලටයි. මේ සංස්කරණය Multi core Processor සමග වැඩකළ හැකි විදිහට නිර්මාණය කරලා තියෙනවා. Honeycomb කියන්නේ මී වදයට.(8)Android 4.0 සංස්කරණය Ice Cream Sandwich (ICS) නමින් 2011 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරා.මේ සංස්කරණයට wifi direct support සහ face unlock අලුතින් එකතුකරලා තිබුනා.Ice Cream Sandwich කියන්නේ චොකලට් බිස්කට් දෙකක් අතරට දමන ලද Ice Cream තට්ටුවක් . (9)Android 4.1: Jelly Bean නමින් 2012 ජුලි මාසයේදී ප්‍රසිද්ද කරා .මේ සංස්කරණයට USB audio සහ Google wallet පහසුකම් එකතුකරලා තිබුනා. (10) Android 4.4: Kit-kat නමින් 2013 සැප්තැම්බර් මාසයේදී අපු නවතම Android සංස්කරණයයි.පළවෙනියටම මේ සංස්කරණය එළිදැක් උනේ Nexus 7 Android tablet උපාංගය සමගයි. Kit-kat කියන්නේ චොකලට් වලින් වටකරපු කුඩා බිස්කට් වලටය.Android සංස්කරණය උපාංග ප්‍රතිශතය1.6 Donut 0.20% 2.0 Eclair 2.40%2.2 Froyo 9.00% 2.3 Gingerbread 47.60%  3.0 Honeycomb 1.50% 4.0 ICS 29.10% 4.1 Jelly Bean 10.20%source-http://sinhalahelp.com/discussion/36/android-%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA http://nextlanka.blogspot.com/2014/01/android.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය - Chori Kya Re Jiya - Dabaang - 2010

දුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරිය - Chori Kya Re Jiya - Dabaang - 2010 | wadiyalkfeed | Scoop.it
Saanchi saanchi teri nazrein ek darpanDede mann ki yeh khabrein ek pal chhinAdharon ne kuch na kaha reNaino ne keh diyaTune toh pal bhar mein chori kiya re jiya mora jiyaTune bhi pal bhar mein chori kiya re jiya more piyaඇත්තමයි ඔබේ කැඩපතක් සේ ඔබේ නුවන්ඔබේ හදවතේ තතු කුමක් දැයි පවසයිදෙතොලින් නොපැවසුවෙමි කිසිවක්දෑසින් පැවසුවේදුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරියදුටුවනම ඔබ මා හද සොරාගනුවේය පෙම්වතGumsum gummsumm rehne wali humri ek gujariya reKal-kal kal-kal behne lagi jaise prem ki nadiya reTujh sang preet humne lagai haiTab jaake yeh rutt aayi haiTune toh pal bhar mein chori kiya re jiya mora jiyaTune bhi pal bhar mein chori kiya re jiya more piyaආදරය නදියක දියරැලි නැගුනා සේපිබිදුනා මා හුදකලා දිවිය වෙතින්ඔබට ආදරය කලෙන්මේ වසන්තය මා කරා එලැඹියේදුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරියදුටුවනම ඔබ මා හද සොරාගනුවේය පෙම්වතGupchup gupchup dil mein aaya sajna swaang rachaiya rePal pal har pal jiski chhaya apna paar lagaiya reHo tujh par jaan humne lutayi haiTab jaake tu sang aayi haiTune toh pal bhar mein chori kiya re jiya more piya‍සෙමින් සෙමින් මා හදවත පැමිණී පෙම්වතේහැම විටකදීම සෙවනැල්ලක් සේ ඔබේ ආදරය දැනුනාවේඔබ වෙනුවෙන් ජීවිතය හැර ආයෙමීඑබැවින් ඔබට එන්නටම සිදුවේ මා හාදුටුවනම ඔබ මාගේ හද සොරාගත්තීය සොඳුරියSachi sachi teri nazrein ek darpanDede mann ki yeh khabrein ek pal chinAdhron ne kuch na kaha reNaino ne keh diyaTune toh pal bhar mein chori kiya re jiya more piyaTune bhi pal bhar mein chori kiya re jiya mora jiyaගීතය බාගතකරන්න | Download Songචිත්‍රපටය - දබාන්ග් (2010)ගීතය - චොරි ක්‍යා රේගායනය - සෝනු නිගම් , ශ්‍රෙයා ඝෝශාල්සංගීතය - සජිඩ් - වජිඩ්පද රචනය - ජලීස් ශර්මානීඅධ්‍යක්ෂණය - අභීනව් සිංග් කාශ්‍යප්නිශ්පාදනය - අර්බාස් ඛාන්රංගනය - සල්මාන් ඛාන් , සොනක්ෂි සින්හා http://hindisng.blogspot.com/2012/12/chori-kya-re-jiya-dabaang-2010.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

සිහින දුමාරය

සිහින දුමාරය | wadiyalkfeed | Scoop.it
කදුළක් වෙලා නෙත් දෙකේ  රිදුමක් වෙලා ජීවිතේවෙන් වෙන්න වෙයි හෙට දිනේඇයි අපිට අපි හමුවුනේමා පාළුවේ තනි වී හිදි  වෙලේනුඹ කිමද සඳවතව පෑයුවේ   පාළු  දිවි අහස කෙළවරේ  ප‍්‍රභාතයව ඇයි ළං වුයෙ  හමුවන්නත් පෙර අපෙ ඉරණමේ  වෙන්වීමයි උරුමයව ලියවුනේවෙන්වීමේ දුක වැළ`ද ජීවිතේපෙම් බැ`දන් ඇයි මටම ළංවුනේ           මම සාමාන්‍යයෙන් වැඩිය පොත් කියවන කෙනෙක් නෙමේ, මන් කියවපු පොත් අතරින් මන් ගොඩක් ආස කල පොතක් තමා සිහින දුමාරය කියන්නෙ..ගොඩක් අය මේක කියවලත් ඇති කියවල නැති කෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් එක තියනව ඩවුන්ලෝඩ් කරන් කියවන්න..සිහින දුමාරය.PDF http://feedproxy.google.com/~r/blogspot/DXYWV/~3/eQjbOFf_Tz8/blog-post_28.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

සුමන සමන් දෙවියන්ට හිතැති සමනලවත්තට යමු

සුමන සමන් දෙවියන්ට හිතැති සමනලවත්තට යමු | wadiyalkfeed | Scoop.it
පිහිටීම - රාස්සගල හා පෙට්ටිගල කඳු පංතිවලින් වටව ඇති පෙදෙසකි.දිස්ත්‍රික්කය - රත්නපුරපළාත - සබරගමුවප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - බළන්ගොඩගමන් මාර්ගය - බළන්ගොඩ නගරයේ තුඹගොඩ මංසන්ධියෙන් ආනන්ද මෛත්‍රී මාවත දිගේ කිලෝමීටර් 11ක් පමණ ගිය විට හමුවේ.විවිධ හැඩතල ගත් කඳු පන්ති තැන් තැන්හි පිහිටා ඇත. ඒවා අතරින් සිනිඳු සේල බඳු මිහිඳුම් වලාවන්ය. බැලූ බැල්මට ගන වනාන්තරයක් දෝයි සිතෙයි. නැත. මෙහි සිසාරා ඇත්තේ තේ වතුය. උස් වූ කඳු පන්ති පුරා ඇත්තේ මනාව ඔප මට්ටම් කොට සකසා ඇති තේ වතුය. තේ වතු ඇසුරේම හැදී වැඩී ජීවත් වන ගැමියන් වෙසෙනා මේ පෙදෙස සමනල වත්තයි. බෑවුම් සහිත පටු මාවත ඔස්සේ වේගවත් ගමන් යා නොහැකිය. බැලූ බැලූ අත දිස්වන්නේ හෙල් වැටිය. ප්‍රපාතයන්ය. ඇඟ හිරිගඩු පිපෙද්දී අපි සමනල වත්තට ප්‍රවිෂ්ට වූයෙමු.අතිශය සුන්දර දිය ඇලි සිතට කෝල කරද්දී, දොඩංගල්ලෙන හා මස්සැන්න දිය ඇලි පසු කළෙමු. පෙට්ටිගල කන්ද, බඹරගල කන්ද, රාස්සගල කන්ද හා සමනොල කන්ද සමනල වත්තට පැහැදිලිව දර්ශනය වෙයි. රාවණා කපොල්ල ද පැහැදිලිව දක්නට ලැබෙයි. එය බුදුන් වහන්සේ සැතැපී සිටින අයුරින් දිස්වෙයි. බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය මෙහි පිහිටුවන අදහසින් වැඩම කළ ද, මිථ්‍යාදෘෂ්ටික දෙවි කෙනෙක් ඒ අසල ගැරඬි කුණක් දමා අපවිත්‍ර කළ බැවින් උන් වහන්සේ සමනල කන්දට වැඩම කොට සිය පාද ලාංඡනය තැබූ බව විශ්වාස කෙරේ.කඳු අතරින් පැන නඟින මනහර දිය ඇලි සමනල වත්ත තවත් හැඩ කරවන්නට සමත් වෙයි. කුඩා දිය පහරවල් ආධාර කොට ගෙන ඊට සමාන්තරව ගැමියන් විසින් තැනූ මංගල පීල්ල කා අතරත් ජනපි‍්‍රය ය. මංගල පීල්ලෙන් දිය නෑ අයෙකුට සමනල වත්තේ බින්න විවාහයක් සිදු වීම නියතයක් බව කාගේත් අදහසයි.අත් දෙක දමාගත හැකි අයුරින් සකසා ගත් ගෝනියකින් තැනූ ඇඳුමකින් මෙහි ගැමියෝ විලි වසා ගත්හ. මෙහි ගැමියෝ දන්නා එකම කර්තව්‍යය තේ දලු නෙළීමයි. තේ කර්මාන්තය වටා කැරකෙන දිවියක් ස්වභාවයෙන්ම ඔවුන්ට උරුමව ඇත.සමනල වත්තේ සුමන සමන් දේවාලය ගැමියන්ගේ දුක් වේදනා, පීඩාවන්  හා කම්කටොලු දුරුලන එකම අධ්‍යාත්මික ස්ථානයයි. විභාග ජයග්‍රහණයට, දරු සම්පත් ලබා ගැනීමට, ලෙඩ දුක්වලින් මිදීමට සුමන සමන් දෙවියන් ඉදිරියේ කන්නලව් කිරීමට ගැමියෝ පුරුදුව සිටිති.වර්ෂ 1964 ජුලි 12 වන දින ගැමියන්ට කිසිදා අමතක නොවේ. සමනල වත්තේ ස්ථිර පදිංචියට ආ ගැමියන්ට අනේක විධ පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය. වන සතුන්ගේ ද, මැසි මදුරුවන්ගේ ද දෂ්ට කිරීමට ඔවුහු හසුවූහ. තමන් පෙළූ මේ උවදුරින් මුදා ගන්නා ලෙස ඔවුහු සුමන සමන් දෙවියන් උදෙසා මහත් බැති සිතින් පුද පූජා කළහ. යාඥා කළහ.තමා වෙනුවෙන් මහත් භක්ත්‍යාදරයෙන් පුද සත්කාර කරනා අහිංසකයන් ගැන සුමන සමන් දෙවියෝ ද අනුකම්පා කළහ. ගැමියන් පෙළනා දුක් කම්කටොලුවලට සහනය ලබා දුන්හ.දෙවියන් කෙරෙහි තුටු සිත් පහදවා ගත් ගැමියෝ එතැන් පටන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදි කළහ. කෙම්මුර දවස්වලට දෙවියන්ට යාඥා කරන්නට පුරුදු වූහ. බොරු කේලම් කියා කට වරද්දා ගතහොත්, තමන්ට දෙවියන් දඬුවම් කරතැයි තරයේ විශ්වාස කරති. අපිරිසුදුව දේවාල භූමියට නොපැමිණෙති. සෑම කාන්තාවක්ම දේවාලය තුළට ඇතුළු වීමෙන් වැළකෙයි. තෙද බලැති දෙවියන් කෙරෙහි මහත් වූ භක්ත්‍යාදරය හේතුවෙන් ඔවුහු එසේ කැප වෙති. සෑම වසරකම ජනවාරි පළමු වැනිදා සුමන සමන් දෙවියන් උදෙසා මහත් වූ පුද සත්කාර පවත්වති. එළැඹෙන වසරට ආශිර්වාද ලබා ගනිති.සමනල වත්තට ඉදිරියෙන් සමනල අඩවිය පිහිටයි. ඇතැම් කෙම්මුර දිනයන්හි තෙද බලැති දෙවියන් දීප්තිමත් අලෝක දහරාවක් නිකුත් කරන බව ගැමියෝ පවසති. සමනල ලෙන ආරණ්‍ය සේනාසනය ඈතින් දිස්වෙයි. ආරණ්‍යවාසී භික්ෂූන් ඇසුරේ ද සිය අධ්‍යාත්මික පෝෂණය උදෙසා යොමුවන ගැමියෝ ද වෙසෙති. නොකිලිටි ඇවැතුම් පැවැතුම් සහිත ගැමියන්ගේ අධ්‍යාත්මයන් පවිත්‍රව ඇත්තේ වටව ඇති කඳු වළල්ල නිසාදෝයි විටෙක සිතෙයි. හෝරා කිහිපයකට පසුව බළන්ගොඩ සිට සමනල වත්ත දක්වා දිවෙන ජනතා සන්තක ප්‍රවාහන බස් රථයෙන් ගැමියන් නගරය වෙත ඇදෙති. සීමිත අවශ්‍යතා පමණක් ඉටුකර ගන්නා ඔවුන්ගේ එදිනෙදා දින චර්යාව වෙන්ව ඇත්තේ තේ දලු නෙළීමටත්, දලු ලොරිය වෙත දලු පැටවීමටත් පමණි. නිල්ල ගසා පැතිරී ඇති සෝබමාන සිරියාවෙන් යුතු සමනල වත්ත පිටිසර ගම්මානයකි. තැන් තැන්හි පිහිටා ඇති පර්වත අපූරු රටාවකින් යුක්තය. කිසිවෙකු විසින් සූරා ඇති ලක්ෂණ මෙහි පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ඒවා මිථ්‍යා හා ප්‍රබන්ධ කතාවලින් ද ගහනය.සොබා සෞන්දර්යයේ පහස අර්ථවත්ව විඳීමට ඔබ පි‍්‍රය කරන්නේ නම් සමනල වත්ත මා හැඟි කදිම ස්ථානයකි.සංජීව පිටබැද්දඡායාරූප - නිශ්ශංක විජේරත්න http://samakayawate.blogspot.com/2014/01/blog-post.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

HD Wallpapers download කරන්න සුපිරි වෙබ් අඩවි 5ක්

HD Wallpapers download කරන්න සුපිරි  වෙබ් අඩවි 5ක් | wadiyalkfeed | Scoop.it
අලුත් වෝල්පේපර්ස් වලට කව්ද අස නැත්තේ ,මම me දෙන්න යන්නේ සුපිරිම වෝල්පේපර්ස් තියන සිතේ 5ක් .ඔයාල කැමති එකකින් ගන්නකො  මෙන්න ලින්ක් ටික 1.InterfaceLlpapersIFT Wal2.Vladstudio Wallpapers3.Wallbase Free Wallpapers4.WallpapersWide5.HD Wallpapers.in http://nextlanka.blogspot.com/2014/01/hd-wallpapers-download-5.html
more...
No comment yet.
Scooped by wadiyalkfeed
Scoop.it!

නොදන්නාකමට අහන පුංචි පුරස්න දෙකක්

මේ දවස් වල තියෙන හිතේ තියෙන කචල් බචල් ටික අමතක කරලා දාන්න කියලා හිතාගෙන බ්ලොග් එකක් පැත්තට බුකියට ගොඩ උනොත් හැම තැනම තියෙන්නේ  වලි වලි වලි. වලි කිව්වට ධර්ම යුද්ද වගේ. රටේ තිබ්බ යුද්දෙත් ඉවර වෙලා තියෙන නිසා වෙන කරන්න දෙයක් නැති කමටද කොහෙද රට ජාතිය ආගම රකින්න පෙරමුණ අරගෙන ඉන්න අය දාගන්න වලි දැක්කම ඉතිං විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. සමහර අය මතවාදී ගැටුම් පුද්ගලික කෝන්තර දක්වා වැඩි දියුණු කරගෙන. ඔය වේලාවට ස්ක්‍රීන් එකෙන් අත දාලා එහා පැත්තේ ඉන්න එකාව අල්ලගන්න පුළුවන් උනා නම් අනිනවා හෝම්බට හැටක් විතර. මම නම් ඉතිං ඔය කියන ජාතියේ ආගමක් ධර්මයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති හින්දමද කොහෙද ඔය ජාතිය ආගම රකින්න යන අයගේ ආගම ගැන තියෙන්නේ මාර පුරස්න තොගයක්. ඒ හැම එකකටම ඕන නැහැ. සමාවෙලා ඔබ තුමන්ලාට රට ජාතිය ආගම රකින්න යන්න තියෙන වේලාවෙන් චුටි කාලයක්  කැප කරලා මට තියෙන මේ පුරස්න දෙකට උත්තර දීලා අපි වගේ පන්සිල් පද ටිකවත් හරියට රකින්නේ නැති උන්ට ධර්ම මාර්ගයට එන්න පාර පොඩ්ඩක් පෙන්නලා දුන්නොත් පිං සිද්ද වෙනවා .... 01. මම දන්න කියන අහලා තියෙන විදියට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ තමන්ගේ ධර්මය ශ්‍රවනය කරන පිරිසට මේ සංසාර සාගරෙන් එගොඩ වෙන මාර්ගය පෙන්නලා දෙන්න. ඒ මාර්ගය අවබෝධ කරගන්න නම් සියලු ක්ලේශයන්ගෙන් බැදීම් වලින් අත්මිදෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව සංසාරේට ඇද බැදලා තියාගන්න සියලු බැදීම් නැති කරන්න ඕනේ.   එහෙමනං මට තියෙන මුල්ම පුරස්නේ මේක තමන්ගේ රට තමන්ගේ ජාතිය කියලා හිතේ බැදීම් තියාගෙන මේ සංසාර මාර්ගයෙන් එතෙර වෙන්න පුලුවන්ද?   (එහෙම නිවන් අවබෝධ කරගන්න තමන්ගේ රට ජාතිය ගැන තියෙන බැදීම අවුලක් නැත්තං එහෙම බැදීමක් ඇතිව හිටපු කෙනෙක් ඊලග ආත්මේ වැරදිලාවත් ඔය කියන හම්බයෙක් ගේ දරුවෙක් වෙලා ඉපදුනොත් ඊට කලින් ආත්මේ රට ජාතිය රකින්න දගලපු දැගලිල්ල අපරාදෙනේ.  වරදවා වටහා ගන්න එපා මගේ ප්‍රශ්නේ තියෙන්නේ බැදීම් ගැන විතරයි හම්බයෝ ගැන නෙවෙයි... අතිතයේ හිටපු භික්ෂුන් වහන්සේලා ඉමහත් කැප කිරීම් කරලා මේ රට ජාතිය ආගම විනාශ වෙන්න ඉඩ නොදී මේ දක්වා රැකගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ රට කියන එක තිබුනොත් තමයි බුද්ධ ධර්මය කියන එක ලෝකයේ පවතින්නේ.) 02. බුද්ධ ධර්මය කියලා කියන්නේ කරුණාව මෛත්‍රිය පිලිබදව ඉහලින්ම කතා කරන ධර්මයක්. බුදු රජාණන් වහන්සේගේ මහා කරුණාව පිලිබදව කියන්න වචන නැහැ. ඒත් අද එක එක්කෙනා වාද කර ගන්නවා කට්ටියක් කියනවා බුදු හාමුදුරුවෝ නිර්මාංශයි කියලා , තව කට්ටියක් කියනවා එහෙම නැහැ කියලා. ඒ මොක උනත් කමක් නැහැ කියමුකෝ. සංඝ බේදයක් ඇති කරන අදහසින් හරි දේවදත්ත හාමුදුරුවෝ සියලු භික්ෂුන් නිර්මාංශ විය යුතුයි රුක්ෂ මුලික විය යුතුයි වගේ ශික්‍ෂා පද ගේන කොටත් බුදුරජානන් වහන්සේ අනුදැන වදාළේ කැමති කෙනෙක් ඒවා පිළිපැද්දට වරදක් නැහැ කියලා විතරයි. මොකද බුදුරජාණන් වහන්සේ වගේම දේවදත්ත හාමුදුරුවෝත් එදා දැනගෙන හිටියා නීති දැම්මා කියලා  සත්ව ඝාතනය කියන එක නවත්තන එක ප්‍රායෝගික නැහැ කියන කාරණය.  මට තියෙන දෙවැනි ප්‍රශ්නේ කිසිම කෙනෙකුට සම කරන්න බැරි ඒ වගේ මහා කරුණාවක් තියෙන බුදුරජාණන් වහන්සේවත් මස් මාංශ අනුභව කරන්න එපා කියලා කිසි කෙනෙකුට නීති පැනෙව්වේ නැති කොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය රකින භික්ෂුන් වහන්සේ නමකට බුදුරජානන් වහන්සේගේ මහා කරුනවටත් වඩා කරුණාවක් පහල වෙලා හරක් මරණ එක නවත්වන නීතියක් රජයෙන් පැනෙව්වේ නැහැ කියන කාරණය මත තමන්ගේ ජිවිතය පරිත්‍යාග කිරීම බුදු දහමට කොයි තරම් එකගද කියන එක.  (මෙහෙම එකක් මේකෙන් හරි අහලා පැහැදිලි කරගන්න හිතුනේ අපේ නායක අනුනායක කියන හාමුදුරුවරුත් මේ ගැන දරන්නේ එක එක ජාතියේ මත නිසා. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය තියෙන්නේ ශ්‍රී ලංකාවේ නම් මේ වගේ දේවල් ත්‍රිපිටක ධර්මයටම අනුව පැහැදිලි කරගන්න එක හොදයිනේ)  ප්‍රශ්න දෙක ඉවරයි  අහලා තියෙන විදියට මේ බුද්ධ ධර්මය කියලා කියන්නේ කිසිම කෙනෙක් බලෙන් නිවන් දක්කන්න උත්සාහ කරන ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ට මාර්ගෝපදේශකයෙක්. එතුමන් වහන්සේ පෙන්නපු නියම මාර්ගයේ ගියොත් නිර්වානයට යන්න පුළුවන්. ධර්ම මාර්ගය තියාගෙන වෙන මාර්ග වල ගියොත්  කොහේ නවතියිද කියන්න බැහැ. ඒක හින්දා මම බලාපොරොත්තු වෙන්නේ තමන් පුද්ගලිකව දාගත්ත කන්නාඩි වලින් බලලා දෙන උත්තරයක් නෙවෙයි. සැබෑ බුද්ධ දේශනා පදනම් කරගෙන දෙන උත්තරයක්.  ඇනෝ ඇවිල්ලා බුද්ධ ධර්මය වෙනුවට එක එක සේනා වල මතවාද වපුරන්න උත්සාහ කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම තෙරුවන් සරණයි.  http://ape-ambalama.blogspot.com/2013/06/blog-post.html
more...
No comment yet.